ලෝක ප්‍රකට සංගීත කණ්ඩායම හිටපු සාමාජික “ලියම් ජේම්ස් පේන්” හදිසි අනතුරකින් අවසන් ගමන් යයි

ලෝක ප්‍රකට සංගීත කණ්ඩායමක් වන One Direction හි, හිටපු සාමාජිකයෙකු වන ලියම් ජේම්ස් පේන් (Liam Payne) මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ බුවනෝස් අයර්ස් හි හෝටලයක තුන්වන මහලෙන් වැටීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවයි.
මිය යන විට ඔහු 31 වන වියේ පසුවූවා.
සිදුවීම සම්බන්ධයෙන් බුවනෝස් අයර්ස් ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ඊයේ (16) දහවල් කාලයේදී මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර සිටින තරමක ආක්‍රමණශීලී මිනිසෙකු පිළිබඳ ඇමතුමක් ලැබීමෙන් පසු හෝටලයට ගිය නමුත් එම පුද්ගලයා පේන් ලෙස හඳුනාගෙන නොමැති බවයි.
මෙම මරණය හදිසි අනතුරක් නිසා සිදු වූවක් ද නොඑසේ නම් සියදිවි හානිකර ගැනීමක් ද යන්න පිළිබඳවත් තවම නිශ්චිත තොරතුරක් සඳහන්ව නොමැත.
පේන්, ආර්ජන්ටිනාවේ දී ඔක්තෝබර් 2 වැනිදා ඔහුගේ හිටපු සංගීත කණ්ඩායමේ නියල් හොරන්ගේ ප්‍රසංගයකට සහභාගී වන අයුරු ද සමාජ මාධ්‍යයේ දැකගත හැකියි.
එමෙන්ම ඔහු පසුගියදා සිය 31 වැනි උපන්දිනය එක්සත් රාජධානියේදී සැමරූ අන්දමත් දක්නට ලැබේ.
පේන් වඩාත් ප්‍රසිද්ධ වූයේ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් වන One Direction හි සාමාජිකයෙකු ලෙසයි.
Harry Styles, Zayn Malik, Louis Tomlinson සහ Horan ඇතුළත් වූ සංගීත කණ්ඩායම ප්‍රථම වරට පිහිටුවන ලද්දේ 2010 දී යි. ඒ, එක් එක් සාමාජිකයා එක්සත් රාජධානියේ රියැලිටි තරඟ වැඩසටහනක් වන "The X Factor" හි පෙනී සිටීමෙන් පසුවයි.
One Direction 2015 දී විරාමයක් ගැනීමෙන් පසු පේන් ඔහුගේ එකම ඒකල ඇල්බමය නිකුත් කළේ 2019 දී යි.
දිර්ඝකාලීන නොවූ විවාහ දෙකක් සිදුකරගත් ඔහු එක් දරු පියෙකි.
One Direction හි වැඩිම ආදයම්ලාභියා ලෙස ලොවපුරා කතාබහට ලක්වූයේත් පේන් වීම විශේෂය.
බොහෝ වාර්තාවන් මෑතකාලීනව පෙන්වා දී තිබුණේ ඔහු, උග්‍ර ලෙස මත්පැන්වලට යොමුව ඇති බවත් මානසිකව පීඩා විඳින බවයි.
ඒ පිළිබඳව ඔහුම කිහිප අවස්ථාවකදී විවෘතව අදහස් දක්වා තිබුණා.
212 Views
Comments