විලියම් - කේට් යුවළ ලෝක මානසික සෞඛ්‍ය දින දා විශේෂ පිරිසක් හමුවෙයි - එම අවස්ථාවේ සිදුවුණු පුදුමය දනවන සිදුවීම (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
11

විලියම් - කේට් යුවළ ලෝක මානසික සෞඛ්‍ය දින දා විශේෂ පිරිසක් හමුවෙයි - එම අවස්ථාවේ සිදුවුණු පුදුමය දනවන සිදුවීම (PHOTOS)

විලියම් - කේට් යුවළ ලෝක මානසික සෞඛ්‍ය දින දා විශේෂ පිරිසක් හමුවෙයි - එම අවස්ථාවේ සිදුවුණු පුදුමය දනවන සිදුවීම (PHOTOS)

කේට් කුමරිය පුදුම සහගත ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිට ඇති බව වාර්තා වෙනවා.

 

ඇය මේ විදියට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ විලියම් කුමරු සමඟ.

 

කුමරිය සිය රසායනික චිකිත්සාව අවසන් කළ බව නිවේදනය කර මාසයකට පමණ පසු මෙයාකාරයෙන් ප්‍රසිද්ධියේ දක්නට ලැබීමයි කාගෙත් පුදුමයට හේතුව.

 

මන්ද කේට් කුමරිය, පිළිකා ප්‍රතිකාර ලබන කාල සීමාව තුළ ප්‍රසිද්ධියේ දකින්න ලැබුණේ ම නැති තරම්.

 

ඇය සිය රසායනික චිකිත්සා අවසන් කිරීමෙන් අනතුරුව වරින් වර ප්‍රසිද්ධියේ පෙනී සිට තිබුණා.

 

මෙවර කුමරියව ප්‍රසිද්ධියේ දක්නට ලැබී තිබුණේ, එංගලන්තයේ සවුත්පෝට් ප්‍රජා මධ්‍යස්ථානයේදී.



 

එහිදී ඇය හදිසි සේවා නියෝජිතයන් හමුවීමටත් ටේලර් ස්විෆ්ට් තේමාවෙන් යුත් නර්තන පන්තියකදී සමූහ පිහි ඇනුමකට ගොදුරු වූවන්ගේ පවුලේ උදවිය හමුවීමටත් වෙලාව වෙන්කරගෙන තිබුණා.

 

17 හැවිරිදි සැකකරුවෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වූ මෙම ප්‍රහාරය වාර්තා වුණේ ජූලි මාසයේදී. ඉන් ගැහැණු ළමයින් තිදෙනෙකු මියගිය බවයි වාර්තා වුණේ.

 

 

විශේෂම කාරණය නම් ලෝක මානසික සෞඛ්‍ය දිනය වුණු ඊයේ (ඔක්තෝබර් 10) දිනය ම ඔවුන් මේ හමුවට තෝරාගැනීම.

 

විලියම් - කේට් යුවළගේ හවුල් පුණ්‍යායතන සංවිධානය වන Royal Foundation හි ප්‍රධාන අවධානය යොමුවන්නේත් මානසික සෞඛ්‍යය සම්බන්ධව වීම වැදගත්.

 

 

 

views

234 Views

Comments

arrow-up