“කෝටි 2,000ක් වූ චිත්‍රපටයේ ආදායමෙන් අපට ලැබුණෙ කෝටියක් විතරයි” - ලෝකයක් කතාකල චරිතාපදාන සිනමා පටය ගැන වසර ගණනාවකට පසු ඇහෙන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

“කෝටි 2,000ක් වූ චිත්‍රපටයේ ආදායමෙන් අපට ලැබුණෙ කෝටියක් විතරයි” - ලෝකයක් කතාකල චරිතාපදාන සිනමා පටය ගැන වසර ගණනාවකට පසු ඇහෙන කතාව

“කෝටි 2,000ක් වූ චිත්‍රපටයේ ආදායමෙන් අපට ලැබුණෙ කෝටියක් විතරයි” -  ලෝකයක් කතාකල චරිතාපදාන සිනමා පටය ගැන වසර ගණනාවකට පසු ඇහෙන කතාව

ලොවපුරා මහත් ජනප්‍රියත්වයක් දිනූ, අතිශය සාර්ථක අන්දමින් තිරගත වුණු චිත්‍රපටයක් තමයි, ''දංගල්'' (Dangal) කියන්නෙ.

 

නිතේෂ් තිවාරිගේ අධ්‍යක්ෂණයක් වුණු එය 2016දී නිකුත් වුණේ, ඉන්දියානු හින්දි භාෂා චරිතාපදාන සිනමා පටයක් හැටියට.

 

දංගල්, අමීර් ඛාන් සහ කිරන් රාඕගේ නිෂ්පාදනය යටතේ සිද්ධාර්ත් රෝයි කපූර් සමඟ කළ වැඩක්.

 

ඉන්දියානු සිනමාවේ සුවිශේෂී ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයේ මල්ලවපොර ක්‍රීඩාව වටා ගෙතුණු කතා තේමාව ගැන ඔබ දැනටමත් දන්නවනෙ.

 

ඉතින් මේ සම්මාන පිට සම්මාන ලද දංගල් ගැන දැන් ආයෙමත් කතාබහක් එළියට ඇවිත්.

 

ඒ, එහි ආදායම් වාර්තා ගැන. මේ කතාබහට මූලික වෙලා තිබුණෙ බබිතා ෆොගට් (Babita Phogat) කළ හෙළිදරව්වක්.

 

කවුරුත් දන්නා කාරණයක් තමයි දංගල් ඉපයූ දළ ආදායම ඉන්දීය රුපියල් කෝටි 2,000 ඉක්මවන බව.

 

එවන් ආදායමක් ලද ෆොගට් පවුලේ සැබෑ ජීවිත කතාව පදනම් කරගත් චිත්‍රපටයෙන් තම පවුලට ලැබුණේ, ඉන්දීය රුපියල් කෝටියක් පමණක් බවයි, බබිතා ෆොගට් හෙළිදරව් කර තිබුණේ.

 

ඒ අනුව එම මුදල මුළු බොක්ස් ඔෆිස් එකතුවෙන් 1% කටත් වඩා අඩු අගයක්.

 

 

ඇය මෙම තොරතුරු බෙදාගෙන තිබුණේ, සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී.

 

කොහොම නමුත් එම හේතුවෙන් තමාව අධෛර්යයට පත් නොවීමට, පියා වන මහාවීර් ෆෝගාට් විසින් කියාදුන් සාරධර්ම බලපෑම් කළ අපූරුව ඇය එහිදී පහදා දී තිබුණා.

 

''අපට මිනිසුන්ගේ ගෞරවය සහ ආදරය අවශ්‍යයි. අනෙක් සියල්ල අත්හරින්න...'' ඔහු ඇයට කියාදී ඇත්තේ එලෙසයි...

views

253 Views

Comments

arrow-up