වෙඩි වැදුණු ජනප්‍රිය ගායිකා කේ. සුජීවාගේ නවතම තත්ත්වය ගැන කාලෙකින් එළියට ආ දියණිය අංජලී කියන කතාව

මීට මාස කිහිපයකට ඉහත වඩාත් කතාබහට ලක්වුණු සිදුවීමක් තමයි, අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමේ දී වුණු වෙඩි තැබීමේ සිද්ධිය.
නාඳුනන තුවක්කුකරුවන් දෙන්නෙක් විසින් කළ ඒ වෙඩි ප්‍රහාරයෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මිය ගිය බව ඔබට මතක ඇති.
එතැනදී ජනප්‍රිය ගායන ශිල්පිනි, කේ. සුජීවාගේ පාදයකටත් වෙඩි වැදිලා තිබුණා.
එහෙම වෙඩි වැදුණු ඇය, කාලයක් කොළඹ ජාතික රෝහලෙත් පසුව පෞද්ගලික රෝහලකත් නේවාසිකව ප්‍රතිකාර ලබලා මේ වෙද්දි සිය නිවසේ විවේකීව කාලය ගත කරමින් පසුවෙනවා.
ඒ, තවමත් ඇගේ පාදයට කෙරෙන ප්‍රතිකාර එක්ක.
කේ. සුජීවාත් ඇගේ දියණියන් දෙදෙනාත් සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිත ත්රිත්වයක්නෙ.
ඒ නිසාම කවුරුත් නොඉවසිල්ලෙන් පසුවෙනවා 'කේ. සුජීවාට දැන් කොහොමද' කියන කාරණය ගැන තොරතුරු දැනගන්න.
ඉතින්, සුජීවාට ආදරේ කරන ඒ කවුරුත් වෙනුවෙන් අංජලී සිය යූටියුබ් නාලිකාව හරහාත් ෆේස්බුක් ගිණුම ඔස්සේත් යාවත්කාලීන කිරීම් සිදුකරනවා.
එයාකාරයෙන් ඇය ෆේස්බුක් ගිණුම වෙත, මාස 4 ක් තිස්සේ තවමත් ප්‍රතිකාර සිදුකෙරෙන සුජීවාගේ පාදයේ නවතම සේයා රුවක් මෙලෙස එක්කාසු කර තිබුණා.
මීට ඉහත අංජලී, අම්මාව ප්‍රතිකාර සඳහා රැගෙන යන මොහොතක කළ වීඩියෝවක් ද සිය යූටියුබ් නාලිකාවට එකතු කර තිබුණා.
එහිදී ඇය කාටත් කියා සිටියේ, තුවාලය තරමක් විශාල වීම නිසාම සුව වීමට කාලයක් ගතවන බවක්.
නමුත් තිබුණු තත්ත්වයට වඩා 80%ක් පමණ මව සුවෙන් පසුවන බවයි අංජලී කියන්නෙ.
ඒ වගේම පාදයට අවශ්‍ය ව්‍යායාම කරන බවත්, පාදය ඉවත් නොකර කෙසේ හෝ සුවකරගන්න තෝරාගැනීම අසීරු ම කාර්යයක් වුණත්, කෙසේ හෝ එය සාර්ථක කරගන්නා බවත් ඇය විශ්වාසයෙන් කාටත් කියලා තිබුණා...
338 Views
Comments