කෙසෙල් කැන් සොරකමේ කතාව දුරදිග ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

කෙසෙල් කැන් සොරකමේ කතාව දුරදිග ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ හැටි

කෙසෙල් කැන් සොරකමේ කතාව දුරදිග ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ හැටි

මට්ටම් පොල්ලකින් පහරදී දෙදරු පියෙකු ඝාතනය කළ සැකකරු ලබන 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරීමට මාතලේ දිසා විනිසුරු නිල්මිණි රංකොත්ගේ මහත්මිය නියෝග කළාය.

 

රත්තොට නාගුලියද්ද පිටියේ ගෙදර සරණසිංහ බණ්ඩාර නැමැති හතලිස් හය හැවිරිදි අය පහරදීමෙන් මිය ගොස් ඇත.

 

රුපියල් දහසක් පමණ වටිනා කෙසෙල් කැනක් සොරකම් කිරීමේ සිද්ධියකට දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමක් දුර දිගයෑමෙන් ගැටුම සිදුව ඇති බව සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.

 

කෙසෙල් කැන සොරකම් කළ පුද්ගලයා පිළිබදව හෝඩුවාවක් දුන් බවට සැක කර අස්වැසියාට පහරදී ඝාතනය කර තිබෙන බව අනාවරණයවී ඇත.

 

කෙසෙල් කැන හිමි අසල්වැසි කාන්තාව පොලිසියට කරන ලද පැමිණිල්ල විභාගයට පොලිසිය පැමිණීමට පෙර තමන් නොකළ වරදට සැක කරන්නේ මන්දැයි ප්‍රශ්න කර මෙම සැකකරු විසින් පහරදීම සිදු කර ඇති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත.

 

මට්ටම් පොලු‍ පහර වැදී බරපතල ‍ලෙස තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් මාතලේ දිස්ත්‍රික් මහ ‍රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රත්‍රිකාර ලබමින් සිටියදී තුවාලකරු මියගොස් ඇත. 

views

161 Views

Comments

arrow-up