සංක්‍රාන්තිකයෙක් වුණු හිටපු සුපිරි ක්‍රිකට් තරුවගේ පුත්‍රයාට ක්‍රීඩාව තහනම් වෙයි - ඔහු මුහුණුපොතේ තැබූ සංවේදී සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

සංක්‍රාන්තිකයෙක් වුණු හිටපු සුපිරි ක්‍රිකට් තරුවගේ පුත්‍රයාට ක්‍රීඩාව තහනම් වෙයි - ඔහු මුහුණුපොතේ තැබූ සංවේදී සටහන (PHOTOS)

සංක්‍රාන්තිකයෙක් වුණු හිටපු සුපිරි ක්‍රිකට් තරුවගේ පුත්‍රයාට ක්‍රීඩාව තහනම් වෙයි - ඔහු මුහුණුපොතේ තැබූ සංවේදී සටහන (PHOTOS)

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු සංජේ බංගර්ගේ පුත් ආර්යන්, මෑතකදී ඉන්ස්ටග්‍රෑම් හි අපූරු වීඩියෝවක් හුවමාරු කරගෙන තිබුණා.

 

ඒ, කාලයක් තිස්සෙ වුණු සිය පරිවර්තනමය ගමන ගැන.

 

වීඩියෝවේ, එම්එස් දෝනි සහ සුපිරි පිතිකරු විරාත් කෝලි සමඟ ද වන සේයා රූ ඇතුළත්. කොහොම නමුත් පසුව ඒ වීඩියෝව ඔහු ඉවත් කරලා.

 

23 හැවිරිදි ආර්යන්, මීට ඉහතදී හෝමෝන ප්‍රතිස්ථාපන ශල්‍යකර්මයකට මුහුණ දුන්නා. එහි මාස 10 ක ප්‍රගතිය බෙදාගන්න තමයි ඔහු, සමාජ මාධ්‍ය වෙත එයාකාරයෙන් පිවිස තිබුණෙ.

 

සැබවින්ම ඔහුගේ මේ පරිවර්තනය, අන්තර්ජාලය කළඹන්න සමත් වුණා කිව්වොත් හරි.

 

ඉතින්, දැන් ඔහු තවදුරටත් ආර්යන් නෙවෙයි, අනායා (Anaya Bangar)

 

 

දැනට අනායා ජීවත් වෙන්නෙ, මැන්චෙස්ටර්වල.

 

සංජේ බංගර් මෙන්ම, ආර්යන් ද ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කළ බව කවුරුත් දන්නා කාරණාවක්.

 

නමුදු ආර්යන් දැන් අනායා වීම තුළ ක්‍රිකට් ක්‍රීඩාවට ද වැට බැඳී ඇති සෙයකි.

 

මන්ද, 2023 නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශ කළේ, සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට කාන්තා ක්‍රිකට් සඳහා සහභාගී වීමට ඉඩ නොදෙන බව.

 

 

මේ සම්බන්ධයෙන් සිය කලකිරීම ප්‍රකාශ කිරීම සඳහා, අනායා දිගු සටහනක් ද තබා තිබුණා....

 

''කුඩා කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාව මගේ ජීවිතයේ කොටසක්.

මගේ තාත්තා රට නියෝජනය කරන ආකාරය සහ පුහුණුකරු ලෙස කටයුතු කරන ආකාරය දිහා මම බලාගෙන හිටියා.

ඔහුගේ අඩිපාරේ යාමට, මමත් සිහින දකින්නට පටන් ගන්න වැඩි කාලයක් ගියේ නෑ.

ඔහු ක්‍රීඩාවට දැක්වූ උනන්දුව, විනය සහ කැපවීම මට මහත් ආශ්වාදයක්.

ක්‍රිකට් මගේ ආදරය, මගේ අභිලාෂය සහ මගේ අනාගතය බවට පත් වුණා.

මම මගේ මුළු ජීවිතයම මගේ කුසලතා ඔප්නැංවීමට ගත කළා.

කවදා හෝ ඔහු මෙන් මගේ රට නියෝජනය කිරීමට මට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වුණා.

 

මම කවදාවත් හිතුවේ නැහැ මම සලකා බලන්න ඕනි වෙයි කියලා, මගේ ආශාව, මගේ ආදරය වුණු ක්‍රීඩාව අත්හරින්න.

නමුත් දැන් මම ඒ වේදනාකාරී යථාර්ථයට මුහුණ දෙමින් සිටියි.

හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරය (HRT) ගන්නා සංක්‍රාන්ති කාන්තාවක් ලෙස මගේ ශරීරය විශාල ලෙස වෙනස් වෙලා.

මම මෙච්චර කාලයක් ආසා කරපු ක්‍රීඩාව මගෙන් ගිලිහෙනවා.

වඩාත් වේදනාත්මක කාරණය නම්, ක්‍රිකට් ක්‍රීඩාවේ සංක්‍රාන්ති කාන්තාවන් සඳහා නිසි රෙගුලාසි නොමැතිවීම.

පද්ධතිය විසින් මාව බලහත්කාරයෙන් ඉවත් කරන බවක් මට හැඟේ.

අපට අවශ්‍ය වන්නේ අපගේ අනන්‍යතාවය සහ අපගේ ආශාවන් අතර තෝරාගැනීමට ඉඩ නොදෙන ප්‍රතිපත්තියි.

සංක්‍රාන්ති කාන්තාවන්ට තරඟ කිරීමට, ක්‍රීඩා කිරීමට සහ දියුණු වීමට අයිතිය ලැබිය යුතුය....''

views

495 Views

Comments

arrow-up