ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයේ ඉහළින් ඔසවා තැබූ මේඝ සූරියආරච්චි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයේ ඉහළින් ඔසවා තැබූ මේඝ සූරියආරච්චි (PHOTOS)

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයේ ඉහළින් ඔසවා තැබූ මේඝ සූරියආරච්චි  (PHOTOS)

11 වැනි සංස්කරණය ලෙසින් වියට්නාමයේ පැවති මෙවර (2024) Mr. World තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ, මේඝ සූරියආරච්චි සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක් ම අත්පත් කරගැනීමට සමත්කම් දක්වා තිබුණා.

 

ඒ, ප්‍රධාන වශයෙන් ‘Mr. World 2024 People’s Choice’ (People's Champion) ජයග්‍රාහකයා බවට පත්වෙමින්.

 

 

එමෙන්ම ඔහු අවසන් තරගකරුවන් 10 දෙනා අතරට ද පැමිණ තිබුණේ, එතෙක් මෙතෙක් පැවති Mr. World ඉතිහාසයේ අවසන් දස දෙනා (Top 10 finalist Mr World 2024) අතරට පැමිණි පළමු ලාංකිකයා බවට පත්වෙමින්.

 

 

එමෙන්ම Mr. World 2024 වේදිකාවෙහි ශ්‍රී ලාංකීය සංස්කෘතික අභිමානය විදහා දැක්වූ මේඝ සූරියආරච්චි, හොඳම ජාතික ඇඳුම සඳහා වන ජනතා සම්මානය ද තමන් සතු කරගැනීමට සමත්කම් දක්වා තිබුණා. (Best National Costume - People's Choice Award - Mr World 2024)

 

 

මීට අමතරව Talent show finalist Mr World 2024, Beauty with a purpose Top 30 ලෙසත් ලාංකීය නාමයට වටිනාකම් එකතු කිරීමට මේඝ සූරියආරච්චි සමත් වුණා.

 

 

නව පරපුරේ නැඟී එන සිනමා නළු මේඝ සූරියආරච්චි 'සිනේමා', 'මන්දාරා' සිනමාපට තුළින් වඩාත් කතාබහට ලක්වූ අතර රංගනයට අමතරව ඔහු අධ්‍යක්ෂවරයෙක්, සංස්කරණ ශිල්පියෙක් සේම කථිකාචාර්යවරයෙකු ද ලෙස කටයුතු කරයි.

 

එමෙන්ම මේඝ සූරියආරච්චි, ප්‍රකට වෛද්‍යවරයෙක් සහ නිර්මාණවේදියෙකු වන වෛද්‍ය කපිල සූරියආරච්චිගේ වැඩිමල් පුතුයි.

 

 

views

214 Views

Comments

arrow-up