දකුණු අප්‍රිකාවේදී ප්‍රතික්ෂේප වී විශ්ව රූ රැජින තරඟයේදී නයිජීරියාව ඉහළින් ඔසවා තැබූ ඇඩෙට්ෂිනා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

දකුණු අප්‍රිකාවේදී ප්‍රතික්ෂේප වී විශ්ව රූ රැජින තරඟයේදී නයිජීරියාව ඉහළින් ඔසවා තැබූ ඇඩෙට්ෂිනා

දකුණු අප්‍රිකාවේදී ප්‍රතික්ෂේප වී විශ්ව රූ රැජින තරඟයේදී නයිජීරියාව ඉහළින් ඔසවා තැබූ ඇඩෙට්ෂිනා

ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්න මතුවීමත් සමඟ දකුණු අප්‍රිකාවේදී තමාට අහිමි වුණු රූ රැජින කිරුළ නයිජීරියාවේදී දිනාගත් ඇඩෙට්ෂිනා (Chidimma Adetshina) පසුගියදා නිමාවට පත්වුණු විශ්ව රූ රැජින තරගයේ දෙවන ස්ථානයට පැමිණීමට සමත්කම් දක්වා තිබෙනවා.

 

විවිධ වූ මතභේද හමුවේ සිය දකුණු අප්‍රිකානු රූ රැජින සිහිනය සැබෑ කරගැනීමට ඇඩෙට්ෂිනා හට නොහැකි වුණා.

 

පසුව ඇය නයිජීරියානු තරගයට සහභාගී වීමට ලැබී තිබුණු ආරාධනය පිළිගත් බවයි වාර්තා වුණේ.

 

ඇඩෙට්ෂිනා, නයිජීරියානු පියෙකුට සහ මොසැම්බිකානු මූලයන් සහිත දකුණු අප්‍රිකානු මවකට දාව උපත ලද තරුණියක් වනවා.

 

එම හේතුවෙනුයි ඇයට බොහෝ දකුණු අප්‍රිකානුවන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ තරගයෙන් ඉවත්වීමට සිදුව තිබුණේ.

 

අනතුරුව මිස් යුනිවර්ස් හි නයිජීරියානු සංවිධායකයින් සඳහන් කර තිබුණේ ඇඩෙට්ෂිනා හට “ඇගේ පියාගේ උපන් බිම, ජාත්‍යන්තර වේදිකාවක් නියෝජනය කිරීමට හොඳ අවස්ථාවක්” වන බවයි. ඒ ඇයගේ දක්ෂතාවන් ද අගය කරමින්.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු බලධාරීන් සඳහන් කළේ, 2001 දී දකුණු අප්‍රිකානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඇගේ මව අනන්‍යතා වංචාවක් සිදු කර ඇති බව තහවුරුව ඇති නිසාවෙන් ඇඩෙට්ෂිනාගේ පුරවැසිභාවය ගැටළුකාරීව ඇති බවයි.

 

එවන් තත්ත්වයක් මත ඇඩෙට්ෂිනා විශ්ව රූ රැජින තරගයේ දෙවන ස්ථානයට පත්වීම බොහෝ පිරිසකගේ කතාබහට ලක්ව තිබෙනවා.

 

 

මෙවර රූ රැජින කිරුළ දිනූ වික්ටෝරියා ක්ජේර් තේල්විග් හමුවේ පරාජයට පත්වීමෙන් මොහොතකට පසු ඇඩෙට්ෂිනා සඳහන් කර තිබුණේ, තමන් ඉතිහාසගත වූ බවත් ලද ජයග්‍රගණයෙන් ආඩම්බර වන බවයි.

 

2019 වසරේදී දකුණු අප්‍රිකාවේ Zozibini Tunzi විශ්ව රූ රැජින කිරුළ හිමිකර ගැනීමෙන් පසු, එම තරඟාවලියේ ඉහළම ස්ථානය හිමිකරගත් කළු ජාතික කාන්තාව වන්නේ ඇයයි.

 

 

මේ අතර, විශ්ව රූ රැජින අවසන් මහා තරගයට මොහොතකට පෙර, දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් තරගයට පිවිසි Mia le Roux තරගයෙන් ඉවත්ව තිබුණා.

 

ඒ, සෞඛ්‍ය ගැටළු උපුටා දක්වමින්. 28 හැවිරිදි ඇය අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකා රූ රැජින ලෙස කිරුළු පැළඳි පළමු ශ්‍රවණ ආබාධ සහිත කාන්තාව ලෙස ඉතිහාසගත වූවා.

 

views

213 Views

Comments

arrow-up