“ඔහුට ආදරේ කරන කිසිවෙක් මේ වගේ අවාසනාවන්ත දෙයක් සිදුවේවී කියලා හිතන්න නැතුව ඇති...” - තරුණයෙක් ගැන ඇහෙන දුක හිතෙන කතාව

අනුරාධපුර ප්‍රදේශයෙන් අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා.
මරදන්කඩවල - පෙරියකුලම වැවේ දියේ ගිලී තිබුණු මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ කළ සෝදිසි මෙහෙයුමක දී මෙම පුද්ගල මළසිරුර සොයා ගත් බවයි මරදන්කඩවල පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි පණ්ඩිතරත්න වාසල මුදියන්සේලාගේ චින්තක රසික බණ්ඩාර නමැති පේරාදෙණිය - අඟුණාවල ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයයෙකුයි.
මරණකරු කැකිරාව - ඔළුකරද ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසේ සිට දිය නෑම සඳහා ත්‍රීරෝද රථයකින් පෙරියකුලම වැවට පැමිණ තිබෙනවා.
මේ වනවිට ගොඩගෙන ඇති මළසිරුර පවුලේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර එම මරණය දියේ ගිලීමෙන් සිදු වූවක් විය හැකි බවටයි පොලිසිය අනුමාන කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
211 Views
Comments