තරුණ පෙම්වතියව බලන්න මනමාල සීයා ගහපු ගැටේ වැරදී තරුණියගේ මවට මාට්ටු - අවසානයේ සිදුවූ හිතාගන්නවත් බැරිදේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

තරුණ පෙම්වතියව බලන්න මනමාල සීයා ගහපු ගැටේ වැරදී තරුණියගේ මවට මාට්ටු - අවසානයේ සිදුවූ හිතාගන්නවත් බැරිදේ මෙන්න

තරුණ පෙම්වතියව බලන්න මනමාල සීයා ගහපු ගැටේ වැරදී තරුණියගේ මවට මාට්ටු - අවසානයේ සිදුවූ හිතාගන්නවත් බැරිදේ මෙන්න

ඔහු විවාහකයෙකි. දරුවන්ටත් දරුවන් සිටින සීයා කෙනෙකි.


වාමාංශික අදහස්වලට ගරු කරන හෙතෙම තම පක්ෂය ජයග්‍රහණය කරවීමට මහත් කැපවීමකින් කටයුතු කරනුයේ බිරිය හා දරුවන්ගෙනුත් බැනුම් අසමිනි. 

 

ගියවරද තම අපේක්ෂකයා දිනවීමට සිය යතුරු පැදියෙන් දිවා රෑ වෙහෙසී කටයුතු කළ මොහු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට සිතුවේය.


රැකියාවට දුම්රියෙන් ගමන් කරද්දී තරුණියක සමඟ පෙම් සබඳතාවයක් ඇතිකර ගත්තේ කාටත් හොර රහසින්ය.


හදවතින්ම ආදරය කළ අතර ඇය විවාහ කරගැනීමට දික්කසාද වීමට ඔන්න මෙන්න තිබිය දී පෙම්වතියගේ මවට මෙය දැන ගන්නට ලැබිණි.


යමක් කමක් තිබෙන පෙම්වතිය අලු‍ත් නිවෙසක් මිලයට ගෙන වෙනම ජීවත් වීමටද සැලසුම් කරගෙන තිබිණි.

 

දැඩි විරුද්ධත්වයක් පෙම්වතියගේ මවගෙන් සහ ඒ පවුලේ උදවියගෙන් එල්ල වූ හෙයින් දරු පවුලක් අනාථවීම නතර වූයේ පසුව බිරිය හා දරුවන්ටද මේ ගැන සැලවීමෙන් පසුවය.

 

දෙපාර්ශ්වයෙන්ම විරුද්ධත්වය එල්ල වුවත් දුරකථනයෙන් දෙදෙනා අතර හොර රහසේ සම්බන්ධතාව පවත්වාගෙන යාමට අමතක කළේ නැත.


මැතිවරණයේ ඡන්ද පත්‍රිකා බෙදාදීමේ මුවාවෙන් අපේක්ෂකයා සහ තවත් හිතවතුන් දෙතුන් දෙනෙකු සමඟ පෙම්වතියගේ නිවෙසට මොහු ගියේ කණ්ඩායමේ පෙරමුණ ගන්මිනි. 


එසේ ගොස් පෙම්වතියට ඡන්ද පත්‍රිකාව දෙන විටම පෙම්වතියගේ මව දුටුවාය.


ආ... ඃආයෙත් පාරක් අපේ ගෙදර ආවද..? උඹට මේ හතර මායිමටවත් එන්න තහනම්.... හිටපිය තොට හොඳ පාඩමක් උගන්වන්න යැයි කියමින් පහර දීමට කොස්ස අතට ගන්නවාත් සමඟම අපේක්ෂකයා ඉදිරිපත් වී එය වැළැක්විය.


මහත්තයෝ ඔයා හොඳ මිනිහෙක් බව අපි අහල තිබෙනවා. මූ සීයා කෙනෙක්. ඒ දරුවෝ අනාථ කරල අපේ කෙල්ලගේ කරේ එල්ලෙන්න හැදුවා. ඒ හැදුවේ අපේ බූදලයට තිබෙන කෑදර කමට මිසක් මේ අහිංසක කෙල්ලට තිබෙන ආදරයට නොවෙයි.


මුගේ මත්තෙම නැහෙන නිසා මේ කෙල්ල වෙන විවාහයක් කර ගන්නෙත් නැහැ. මහත්තයෝ මේ වගේ අයත් එක්ක ආවොත් නම් ඡන්දය ලැබෙන්නේ නැහැ. මහත්තයා නිසා අද මූ මගෙන් බේරුණා කියල හිතා ගන්න. මහත්තයා තනියම ආවනම් හරි.. නැත්නම් ලකුණ කිව්වනම් අපි ඡන්දය දෙනවා. මූ එක්ක ආව නිසා දැන් මහත්තයටවත් ඡන්දය දෙන්නේ නැතැයි කියමින් දොර වසා ගත්තාය.

views

278 Views

Comments

arrow-up