තේ මේසයේදී මනාලිගේ මූණ මාරුවෙලා අලි ජංජාලයක් - අවසානයේ වූදේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

තේ මේසයේදී මනාලිගේ මූණ මාරුවෙලා අලි ජංජාලයක් - අවසානයේ වූදේ මෙන්න

තේ මේසයේදී මනාලිගේ මූණ මාරුවෙලා අලි ජංජාලයක් - අවසානයේ වූදේ මෙන්න

ජංගම දුරකතනයේ වට්ස් ඇප් හරහා දුටු කාන්තාව මංගල තේ මේසයේදී වෙනත් කාන්තාවක බවට පත්වීම හේතුවෙන් සිය සහකාරිය කරගන්නට කාන්තාවක සොයා මංගල කටයුත්තකට සහභාගි වූ අයකු දැඩි අපහසුතාවට පත්වීමේ සිදුවීමක් හසලක ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

 

මීට වසර හත අටකට ඉහතදී බිරිඳගෙන් දික්කසාද වී දරුවන්ගෙන් වෙන් වී ජීවත් වන ඔහු පෞද්ගලික සේවයෙන් විශ්‍රාම ලැබූ හැට එක් හැවිරිදි වියේ පසුවෙන අයෙකි.

 

විශ්‍රාම ගත් පසු ඔහුට තනිකම හා පාළුව දැඩිව දැනෙන්නට පටන්ගත් හෙයින් මිතුරන් ඔහුට යෝජනා කළේ අවසන් කාලයේ වතුර බිඳක් හරි දෙන්න කෙනෙකු හොයා ගමුයි කියාය. එම යෝජනාව ගැන ගැඹුරින් කල්පනා කළ ඔහු ඒ සඳහා කැමැත්ත පළකර ඔවුන් මාර්ගයෙන්ම යෝජනා කීපයක් සම්බන්ධයෙන් සොයා බැලුවත් ඒවා ගැළපෙන මට්ටමේ නොවුණි.

 

මේ අතර තවත් මිතුරකු ගෙනා යෝජනාවට ඔහු කැමැත්ත පළ කළේ ඇය මිතුරාගේ ජංගම දුරකතනයේ වට්ස් ඇප් එක හරහා ඉතා ළෙන්ගතූ අයුරින් සුහදශීලීව කතා බහ කිරීමත් ඒ කතාව හා ඇයගේ රුව ඔහුගේ හිත දිනාගත් හෙයිනුත්ය

 

එම කතා බහේදී ඇය ඔහුට යෝජනා කළේ අසවල් දින තම නිවසට මිතුරා සමඟ පැමිණෙන ලෙසටය. අදාළ දිනයේ ඔහු මිතුරා සමග වලපනේ ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට ගියේ දහසක් අනාගත බලාපොරොත්තු කරපින්නාගෙනය.

 

නිවසට ගොඩවන විට මවක සහ තවත් කාන්තාවක ඔවුන් ඉදිරියට පැමිණ සිංහල චාරිත්‍රානුකූලව පිළිගෙන නිවස තුළට කැඳවාගෙන ගොස් අසුන් ගන්වා ආගිය තොරතුරු කතා බහ කරමින් පිළියෙළ කර තිබූ තේ මේසයටද මව ඔවුන්ට ආරාධනා කළාය.

 

තේ මේසයට ගිය ඔහු කෝ අසවලා යැයි මිතුරාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තේ මේසය අසලට පැමිණ ඔවුන් සමග කතා කරමින් සිටින කාන්තාව ඇය බවය.


මේ කාන්තාව තමන් වට්ස් ඇප් හරහා දුටු හා කතා කළ කාන්තාව මැය නොවන බවත් ඇයගේ කතාබහෙන් හා හැසිරීමෙන්, රූපයෙන් ඔහුට වැටහුණු අතර ඒ ගැන මිතුරාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ වට්ස් ඇප් හරහා කතා කළේ මැයම බවයි.

 

මිතුරා තමන් මුළා කර ඇති බව ක්ෂණයකින් අවබෝධ වූ පසු වහා අසුනෙන් නැගිට “බලු වැඩ කරන්න එපා මිනිහෝ. තමුසේ වට්ස් ඇප් එකෙන් පෙන්නපු, කතා කරපු කෙනා නෙවෙයි මෙයා. එයා මෙයාට වඩා වයසිනුත් බාලයි. මෙයාට වඩා රූපයෙනුත් හැඩයි.

 

කතා විලාශයත් වෙනස්." යැයි කියමින් මිතුරාට බැණවැදී තේ බිඳක්වත් පානය නොකර වහා නිවසින් පිටතට විත් ඔහු පැමිණි යතුරුපැදියේ නැගී ගම බලා වේගයෙන් පියඹා ආවේ මිතුරාද එහි දමාය.

 

ගමට පැමිණි ඔහු මේ පුවත තම මිතුරන්ට පැවසුවේ තවත් නම් තමන්ට සහකාරියක් සොයන්නට කිසිවකු මහන්සි නොවන ලෙසත් පසුගිය දිනවල මුහුණ දුන් සිදුවීම් කීපයක් නිසා තමන් ඒ පිළිබඳව දැඩි සේ පීඩාවටත් අපහසුතාවටත් පත්ව සිටින බව කියමිනි.

views

337 Views

Comments

arrow-up