“ට්‍රම්ප් සඳහා ස්විෆ්ටීස්” - ඩොනල්ඩ් ට්‍රම්ප්ට ටේලර් ස්විෆ්ට්ගේ සහාය??

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමාට ටේලර් ස්විෆ්ට්ගේ අනුමැතිය ඇති බවට ව්‍යාජ ලෙස ඇඟවුම් කරවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ස්විෆ්ට් පමණක් නොව ඇයගේ රසිකයන් ද ට්‍රම්ප් හට සහාය දක්වන බවට ඇඟවුම් කෙරෙන ව්‍යාජ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
කෙසේ නමුත් එලෙස හුවමාරු වන බොහෝ ඒවා කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කර ඇති ඒවා බව සඳහන්.
ට්‍රම්ප් වැරදි තොරතුරු පතුරුවා හරින බවට චෝදනා කළ 'ස්විෆ්ටීස්' ලෙස හැඳින්වෙන ස්විෆ්ට්ගේ රසිකයින් අතර මෙම තත්ත්වය වඩාත් උණුසුම් පුවතක් වී ඇති සෙයකි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ස්විෆ්ට් 2024 මැතිවරණය සඳහා කිසිවෙකු අනුමත කර නොමැති බවත් 2020 දී ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට සහාය දී ජනාධිපති වූ ට්‍රම්ප්ව විවේචනය කළ බවයි.
ස්විෆ්ට් සහය පලකරන බවට වන එක් ඡායාරූපයක දැක්වෙන්නේ, ස්විෆ්ට් රසිකයින් "ට්‍රම්ප් සඳහා ස්විෆ්ටීස්" යනුවෙන් ටී-ෂර්ට් පැළඳ සිටින ආකාරයකි.
193 Views
Comments