දෛවයට අභියෝග කරමින් ජීවිතය ජයගත් ඉන්දීය සිනමාවේ විකට තරුව 67 වැනි උපන්දිනය සමරයි

ඉන්දීය සිනමාවේ වඩාත් කතාබහට ලක්වන ප්‍රහසන නළුවන් අතර කැපී පෙනෙන, ජොනී ලීවර් (Johnny Lever) හෙවත් ජෝන් ප්‍රකාශ් රාඕ ජනුමාලාගේ 67 වැනි උපන්දිනය ඊයේ දිනට(14) යෙදී තිබුණා.
විකට චරිතයක හොඳම රංගනය සඳහා වන ෆිල්ම්ෆෙයාර් සම්මානය ඇතුළුව, බොහෝ ඇගයුම් ලබා ඇති ඔහු මේ වන විට චිත්‍රපට තුන්සියයකට අධික ප්‍රමාණයක රඟපා ඇති සුවිශේෂී තරුවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
1984 දී වෘත්තීය දිවියට පිවිසි ජොනී ලීවර්, වසර කිහිපයක් කම්කරුවෙකු ලෙස ද සේවය කළ අයෙක්.
ජොනීගේ මව් භාෂාව තෙළිඟු වන නමුත් පන්ජාබි, උර්දු, හින්දි, ඉංග්‍රීසි, මරාති සහ තුලු යන භාෂා චතුර ලෙස කතා කිරීමේ හැකියාව ඔහු සතුයි.
ඔහු පවුලේ ආර්ථික ප්‍රශ්න හමුවේ සිය උසස් අධ්‍යාපනය අතහැර දැමූ බව කියවෙනවා. අනතුරුව මුම්බායි නගරයේ වීදිවල පෑන් විකිණීම, එකල ප්‍රසිද්ධ හින්දි සිනමා තරු කිහිපයක් අනුකරණය කරමින් හින්දි චිත්‍රපට ගීතවලට නැටීම වැනි දෑ මූල්‍යමය මාර්ග ලෙස ඔහු විසින් තෝරාගෙන තිබෙනවා.
තම මුල් කාලය හයිද්‍රාබාද්හි පැරණි නගරයක් වන යකුත්පුරෙහි ගත කළ ජොනී ලීවර්, එහිදී සුවිශේෂී හාස්‍ය රංගනයන් ඉගෙන ගත් බව සඳහන්.
ඔහු 'ජොනී ලීවර්' ලෙස නම් වීම පිටුපස වෙනම කතාවකි.
එනම්, හින්දුස්ථාන් යුනිලීවර් සමාගමේ උත්සවයක් අතරතුර, ඔහු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු අනුකරණය කර තිබෙනවා. පසුව එතැන් සිට ඔහුව 'ජොනී ලීවර්' මැයෙන් හඳුන්වනු ලැබූ බවයි කියවෙන්නෙ.
පසුකාලීනව කලාවට පිවිසි ඔහු, දිගුකාලීනව ම එම නම භාවිත කිරීමට කටයුතු කර තිබෙනවා.
5954 Views
Comments