“ඔබ ඔබ ගැන විශ්වාස කරන්නේ නම්, ඔබට අවශ්‍ය දේ සාක්ෂාත් කරගත හැකිය” - කාගේත් හිතවතා මොහොමඩ් සිරාජ් තැබූ සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

“ඔබ ඔබ ගැන විශ්වාස කරන්නේ නම්, ඔබට අවශ්‍ය දේ සාක්ෂාත් කරගත හැකිය” - කාගේත් හිතවතා මොහොමඩ් සිරාජ් තැබූ සටහන

“ඔබ ඔබ ගැන විශ්වාස කරන්නේ නම්, ඔබට අවශ්‍ය දේ සාක්ෂාත් කරගත හැකිය” - කාගේත් හිතවතා මොහොමඩ් සිරාජ් තැබූ සටහන

 මොහොමඩ් සිරාජ් කියන්නේ ගොඩක් ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් අකමැති ක්‍රීඩකයෙක්.

 

ඒ ඔහුගේ ක්‍රීඩා විලාශය නිසාවෙන්. නිරන්තරයෙන් අනෙක් කණ්ඩායමේ පිත්කරුවන් සමග උණුසුම් වචන හුවමාරුවල යෙදෙන සිරාජ් කියන්නේ දක්ෂකම වගේම කැපවීමෙන් සිය සිහින කරා පියමැන්න ක්‍රීඩකයෙක්.

 

ඔහු සිය ජීවිතයේ හරි ලස්සන හීනයක් හැබෑ කරගෙන තිබුණා.ඒ තමන්ටම කියලා මෝටර් රථයක්.රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක්.ඔහු මේ සම්බන්ධව හරි අපූරූ සටහනක් තබා තිබුණා.
 

'' ඔබේ සිහිනවලට සීමාවක් නැත, මන්ද ඒවා ඔබට වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සහ වැඩි
වැඩියෙන් උත්සාහ කිරීමට පෙළඹ වන නිසා.

 

ඔබ අඛණ්ඩව දරන උත්සාහය තමයි ඔබව ඉදිරියට ගෙන යන්නේ. සර්වබලධාරි දෙවියන්ගේ ආශිර්වාදයට ස්තූතිවන්ත වෙනවා මගේ පවුලේ අයට මෙම සිහින මෝටර් රථය මිලදී ගෙන තිලින කිරීමට මට හැකියාව ලබා දීම ගැන.


ඔබ ඔබ ගැන විශ්වාස කරන්නේ නම්, ඔබට අවශ්‍ය දේ සාක්ෂාත් කරගත හැකිය ''

 

 

views

224 Views

Comments

arrow-up