එළිසබෙත් රැජින, ඩොනල්ඩ් ට්‍රම්ප්ව හඳුනාගත් හැටි ගැන එළියට ආ ආන්දෝලනාත්මක කතාව සමාජ මාධ්‍යය කළඹයි

එළිසබෙත් රැජින, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව 'ඉතා රළු' කෙනෙක් හැටියට හඳුනාගත් බවට කතාවක් මේ වෙද්දි විදෙස් මාධ්‍යවල පැතිරෙන්න අරන්.
එහෙම කතාබහකට හේතුව, අලුත් පොතක වූ සටහනක්.
පොත 'A Voyage Around the Queen'
අගෝස්තු 29 දා එළිදැක්වීමට නියමිත කෘතිය 'ක්‍රේග් බ්‍රවුන්'ගේ රචනයක්.
ඔහුගේ ලියමනට හේතු කාරණා සපයලා තියෙන්නෙ, එළිසබෙත් රැජින සහ ට්‍රම්ප් මුණගැසුණු විට හිටපු ජනපතිවරයා ක්‍රියා කළ ආකාරය.
78 හැවිරිදි ට්‍රම්ප්, ඔහුගේ ධුර කාලයේදී දෙවරක් රැජිනව මුණගැහිලා තිබෙනවා.
ඒ, 2018 ජූලි සහ 2019 ජුනි මාසයේදී රාජ්‍ය සංචාරයන් හිදී.
කොහොම නමුත් මේ හමුවීම්වලදී රැජින විසින් ට්‍රම්ප්ව 'ඉතා රළු' අයෙක් ලෙස හඳුනාගත් බවකි ඉහත කෘතියේ සටහන්ව ඇත්තේ.
ඒ අනුව කෘතියේ එක තැනක, 'ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරයෙන් සති කිහිපයකට පසු, ඇය එක් දිවා භෝජන සංග්‍රහයකදී ආගන්තුකයෙකුට ට්‍රම්ප්ව 'ඉතා රළු' අයෙක් ලෙස දුටු බව ප්‍රකාශ කළා' යන්නෙන් ලියවී ඇති බවත් කියවෙනවා.
කොහොම නමුත් 2019 ජුනි මාසයේ නිල රාජ්‍ය සංචාරයේදී ට්‍රම්ප් විසින් බකිංහැම් මාලිගයේ රාජ්‍ය භෝජන සංග්‍රහය අතරතුර එළිසබෙත් රැජිනගේ පිටට අත තැබූ බවටත් කතාවක් මතුවෙලා.
කෘතියේ තවත් ලියමනක සටහන්ව ඇති බවට විදෙස් මාධ්‍ය පෙන්වා දෙන කාරණයක් තමයි, ට්‍රම්ප් - මෙලනියා එකතුව.
එතැනදී ක්‍රේග් බ්‍රවුන් ඉස්මතු කර ඇත්තේ, 'ඇය ඔහු සමඟ විවාහ වී සිටින්නේ ඇයි?' යන අදහසක රැජින සිටියා යන්න.
රජ පවුල සම්බන්ධ කරලා ලියවෙන කෘති, කොහොමත් ආන්දෝලනාත්මක බව ඔබ හොඳාකාරවම දන්නවනෙ.
මේකත් එයාකාර ලියමනක් විත්තිය තමයි, මේ පෙර සිටම මතුවෙන කාරණාවලින් පෙනී යන්නේ...
236 Views
Comments