ලොවක් ආදරය කල සම්මානනීය සිනමා නිළිය ජීවන රඟමඩලෙන් සමුගනී - මිය යන විට වයස 94යි (PHOTOS)

ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශිත නිළියක වන Gena Rowlands, දශක හතකට ආසන්න කාලයක් සිය තිර දිවිය අවසන් කරමින්, අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට 94 වන වියේ පසු වූ ඇයගේ පුත් Nick Cassavetes තම මවගේ මරණය තහවුරු කර ඇති අතර, වෙනත් විස්තර කිසිවක් සපයා නැහැ.
ඇගේ පළමු සැමියා වන අධ්‍යක්ෂ ජෝන් කැසවෙට්ස් සමඟ මුල්කාලීන ස්වාධීන සිනමාවේ ඇය කළ රඟපෑම් නිසා ජනප්‍රියත්වයට පත් රෝලන්ඩ්ස්, පසුකාලීනව 1998 දී සැන්ඩ්‍රා බුලොක් සමඟින් කළ “Hope Floats” සහ 2004 දී තිරගත වූ “ද නෝට්බුක්” නිසා කා අතරත් කතාබහට ලක්වුණා.
ඇය 1974 හි “A Woman Under the Influence සහ 1980 “Gloria” සඳහා ඇකඩමි සම්මාන දෙකක් සඳහා නම් කෙරුණු දක්ෂ නිලියක්වන අතර, සිනමාවේ "අසාමාන්‍ය ජීවිත ජයග්‍රහණ" පිළිගැනීමක් ලෙස, අධ්‍යක්ෂක ස්පයික් ලී සමඟින්, 2015 දී ගෞරව ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
295 Views
Comments