සුනඛයින්ට ආරක්ෂිත හා ආදරණීය පරිසරයක් වෙනුවෙන් සැමරෙන “ලෝක සුනඛ සුරතලු‍න්ගේ දිනය”
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

සුනඛයින්ට ආරක්ෂිත හා ආදරණීය පරිසරයක් වෙනුවෙන් සැමරෙන “ලෝක සුනඛ සුරතලු‍න්ගේ දිනය”

සුනඛයින්ට ආරක්ෂිත හා ආදරණීය පරිසරයක් වෙනුවෙන් සැමරෙන “ලෝක සුනඛ සුරතලු‍න්ගේ දිනය”

ජාත්‍යන්තර සුනඛ දිනය (International Dog Day) ඊයේට (26) යෙදී තිබුණා.

 

'මිනිසාගේ පැරණිම මිතුරා' ලෙස සුනඛයින් සහ මිනිසුන් අතර ඇති සදාතනික බැඳීම සිහිපත් කිරීමත්, සුනඛයන්ගේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් මෙවන් දිනයක් වෙන් කිරීමේ අරමුණයි.

 

එමෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව හිමිකරුවන් දැනුවත් කිරීමත් විශේෂ තැනක් ගනු ලබනවා.

 

ජාත්‍යන්තර සුනඛ දිනය ප්‍රථම වරට සමරනු ලැබුවේ 2004 වසරේදී යි.

 

ඒ, සත්ත්ව සුභසාධන ක්‍රියාකාරිකයෙකු සහ සුරතල් සතුන්ගේ ජීවන රටා පිළිබඳ විශේෂඥයෙකු වන Colleen Paige විසිනි.

 

කොලීන්... ජාතික සුනඛ දිනය, ජාතික සුරතල් දිනය සහ ජාතික බලු පැටවුන්ගේ දිනය ඇතුළු තවත් බොහෝ පරිත්‍යාගශීලී නිවාඩු දිනවල නිර්මාතෘවරයෙක් ලෙස ප්‍රකටය.

 

ජාත්‍යන්තර සුනඛ දිනය ලෙස ඊයේ(26) දිනය ම තෝරාගැනීමට හේතු වී ඇත්තේ, කොලීන්ගේ පළමු සුනඛයා වන "Sheltie" හදාගත්තේ මෙම දිනයේ දී වීමයි.

 

මෙයාකාරයෙන් සුනඛයින් වෙනුවෙන් දිනයක් වෙන් වීම තුළ සුනඛයින්ට ආරක්ෂිත හා ආදරණීය පරිසරයක් ලබාදීමේ වැදගත්කම ඉස්මතු කිරීම ප්‍රධාන වශයෙන් අරමුණු කරගන්නා බවයි කොලීන්ගේ අදහස.

 

එලෙස නම් වූ සුනඛ දිනය නිල වශයෙන් 2013 වසරේදී නිව් යෝර්ක් ප්‍රාන්තයේදී සම්මත කරන ලද බවත් සඳහන්.

views

520 Views

Comments

arrow-up