පෙම් ආරවුල දිග්ගැස්සී 76 හැවිරිදි අනියම් පෙම්වතා පෙම්වතියගේ නිවසට කලදේ

තම 76 හැවිරිදි අනියම් සැමියා නිවසට ගිනි තැබූ බව කියමින් 61 හැවිරිදි කාන්තාවක් මීගහතැන්න පොලිසියට පැමිණිලි කොට ඇත.
ලිහිණියාව, මහ කළුපහන, මැල්ලමුකලාන පාරේ පදිංචි ගෝමරගේ දොන් නීතා ජයවර්ධන යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මතුගම, කන්දහේන ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
තමා සැකකරු වන අනියම් සැමියා සමග දිවි ගෙවන බවත් ඉකුත් 17 දින රාත්‍රි 7.00 ට පමණ ඔහු සමග ඇති කර ගත් ආරාවුලකින් පසු අසල්වැසි ගුණවතීගේ නිවසට ගිය බවත් රාත්‍රි 9.30 ට පමණ නිවස දෙසින් ශබ්දයක් ඇසී ගොස් බලන විට නිවස ගිනි ගනිමින් තිබූ බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ.
පසුව බලන විට නිවසේ තිබූ පුටු, රූපවාහිනි යන්ත්‍රය ඇතුළු භාණ්ඩ රැසක් ගින්නෙන් විනාශවී තිබූ බවද ඇය කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වේ.
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මීගහතැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේපාල දහනායක සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
351 Views
Comments