ලස්සන රැකගන්න අප්‍රිය සහගත ක්‍රමයක් තෝරාගත් සුරූපි නිරූපිකාවට වෛද්‍යවරුන්ගෙන් රතු එළියක් (PHOTOS)

'ලස්සන වෙනවා කියලා කියනවා නම්, ඕනිම ජරාවක් මූණෙ ගා ගනියි' කියන කතාව කට කහනවට කියන එකක් නොවන බව සනාථ වන කතාවක් අහන්න ලැබුණා, බ්‍රසීලයෙන්.
කතාව පටන් ගන්න ඉස්සරම කියන්න ඕනි, මේක අප්‍රිය සහගත කතාවක් !!
ඇත්තටම ලස්සන වෙන්න කියලා හිතාගෙන, 'ජරාව තවරගන්න' එකක් ගැනයි සටහන.
බැලූ බැල්මට දෙවරක් හැරිලා බලන්න හිතෙන රූපයකට හිමිකම් කියන රුවැත්තියකි, 31 හැවිරිදි බ්‍රසීලියානු නිරූපිකා ඩෙබොරා පීක්සෝටෝ (𝑫𝒆𝒃𝒐𝒓𝒂 𝑷𝒆𝒊𝒙𝒐𝒕𝒐)
සරාගී සුරූපිණියක් වන ඇය ගැන, මේ දවස්වල කවුරුත් වගේ කතාබහ කරන්න පටන් අරන්.
ඒ ඇය ලස්සන වෙන්න තෝරගත්ත එක්තරා ක්‍රමවේදයක් නිසා.
සරලවම කියනවා නම්, ඩෙබොරා ලස්සන වෙන්න මුහුණු ආවරණයක් ලෙස අසූචි භාවිත කරලා !
අහද්දිත් ඔක්කාරෙට වගේ ආවට මොකද, ඇය නම් මේ ක්‍රමවේදය ගැන ලෝකෙටම කියලා තිබුණෙ සිය සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ වීඩියෝවක් ද බෙදාගනිමින්.
මීට ඉහතදීත් ඩෙබොරා ගැන මේ හා සමානම සිදුවීමක් එක්ක කතාබහක් ඇති වුණා.
මෙවර වීඩියෝව එක්ක ඇය කියලා තිබුණෙ, "වයසට යාම වැළැක්වීම" සඳහා ඇය මෙම මුහුණු ආවරණය භාවිතා කළ බව.
“මගේ ජීවිතේ මම කරපු පිස්සුම වැඩේ.
මම ඒ ගැන අධ්‍යයනයක් දැකලා ඒක අත්හදා බලන්න තීරණය කළා ! එය මට වැඩ කළා.
මගේ සම රැළි වැටීම නැවැත්තුවා...''
ඔන්න ඔහොමයි ඩෙබොරා තමන්ගෙ මේ රුව රකින ක්‍රමවේදය ගැන කාටත් කියලා තිබුණෙ.
කොහොම නමුත් ඇගේ මේ පිළිකුල් සහගත සම රැකවරණ චර්යාවට ලැබිලා තිබුණෙ 'හොඳ ප්‍රතිචාර' නම් නෙවෙයි.
බහුතරය ඇගේ මේ ක්‍රියාව පිළිකුල් කරලා තිබුණා.
ඒ අතර විශේෂයි වෛද්‍යවරුන් දක්වලා තිබුණු ප්‍රතිචාර.
ලන්ඩනයේ කැඩෝගන් සායනයේ උපදේශක චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සොෆී මොමන් නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත හමුවේ අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ,
"සියලු සම ආරක්ෂණ 'ප්‍රවණතා' අතුරින්, මෙය මට මෙතෙක් හමු වූ අමුතුම එකකි.
මුහුණු ආවරණයක් ලෙස මළ මූත්‍රා භාවිතා කිරීමෙන් ඔබේ සමට කිසිදු විද්‍යාත්මක ප්‍රතිලාභයක් නොමැත.
යථාර්ථය නම්, මෙය ප්‍රතිලාභවලට වඩා ගැටලු ඇති කළ හැකිය..” යනුවෙන්.
වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය සොෆී පෙන්වා දී තිබුණේ, මෙම චර්යාව තුළින් බරපතල වෛරස් ආසාදනයන් ඇති වීමට වැඩි ඉඩක් ඇති බව. එමෙන්ම දරුණු සමේ ආසාදන සේ ම පද්ධතිමය රෝගවලට ද මේ ක්‍රියාව තුඩු දිය හැකි බවයි වෛද්‍යවරයාගේ අදහස.
''ශරීරයෙන් බැහැර කළ යුතු අපද්‍රව්‍ය සහ විෂ ද්‍රව්‍ය ද මළපහවල අඩංගුයි.
මෙම ද්‍රව්‍ය හානිකර වන අතර සමේ දැවිල්ල සහ බරපතල අසාත්මිකතා ඇති කළ හැක..."
ඉතින් ලස්සන වෙන්න කියලා දකින දකින දේවල් කරන්න යන්න ඉස්සර, ටිකක් හිතලා බලන්න කියලයි ඩෙබොරාගේ කතාව කාටත් කියන්නෙ....
237 Views
Comments