උදේ 10ට ඉර පායලා සවස 4ට ඉර අවරට යන ගම්මානයක් අපේ රටේ තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

උදේ 10ට ඉර පායලා සවස 4ට ඉර අවරට යන ගම්මානයක් අපේ රටේ තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද?

උදේ 10ට ඉර පායලා සවස 4ට ඉර අවරට යන ගම්මානයක් අපේ රටේ තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද?

දිනකට පැය 6කටත් වඩා අඩු කාලයක් ඉර පායන ගම්මානයක් ඇති බව ඔබ මින් පෙර අසා තිබෙනවාද ? 

 

අද අපි මෙම ලිපියෙන් කතා ලංකාවේ අඩුම වේලාවක් හිරු එළිය ලැබෙන කොහොනාවල ගම්මානය පිළිබඳවයි.

 

ශ්‍රී ලංකාවේ ඕනෑම මිනිසෙකුට ස්වභාව සෞන්දරත්වයේ අපූරුව අත්විඳිය හැකි කොහොනාවල ගම, බදුල්ල
දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටා තිබේ.

 

මෙය දවසට පැය හයක් විතරක් ඉර පායන අපූරු ගම්මානයක් වන අතර, එම නිසාම මෙම ගම්මානය දෙස්
විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත.

 

ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන මඩොල්සිම ග්‍රාම නිලධාරී වසමේ වූ මෙම අතිදුෂ්කර
ගම්මානය පිහිටා ඇත.

 

ජනප්‍රවාදයේ සදහන් වන පරිදි 1815දී ඌව වෙල්ලස්ස කැරැල්ලට සම්බන්ධ පිරිසෙන් කිහිප දෙනෙක් මෙම
ගම්මානායේ සැඟව සිටීමට කටයුතු කර ඇත.

 

අද වන විට ගම්මානයේ පවුල් පනහකට අධික පිරිසක් ජීවත් වන අතර ඔවුනගෙන් බොහෝ පිටිසක් ගොවිතැන
සිය මූලික ජීවනෝපාය සිදු කරගෙන ජීවත් වෙනවා.

 

හන්ගල, ගල්උල්ල, හයින්දම්මාගල සහ වියන්ගල යන කඳු පන්ති අතර බෑවුමක මේ ගම්මානය පිහිටා තිබෙනවා.

 

මේ ගමට ඉර පායන්න වෙලාව උදේ 9ට ආසන්න වන අතර කොහොනාවෙල ගමට එක් පාසලක් ඇති බව සදහන්.

 

නමුත් කණගාටුවට කරුණ වන්නේ මෙම ගමේ දරුවන් බොහෝ දෙනෙක් ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු
අධ්‍යාපනයට සමුදීමයි.

 

ගමනාගමන දුශ්කරතා හා ආර්ථික අපහසුතා හේතුවෙන් ගම්මාන වැසියන් දැඩි දුශ්කරතාවයකට පත්ව ඇති
අතර නගරයට හෝ රෝහලය යෑම සදහා වැඩි දුරක් පයින් යෑමය සිදුවන බව සදහන්.

 

මෙම ගම්මානයේ වෙසෙන බොහෝ පිරිසක් අඩු අධ්‍යාපන මට්ටමකින් යුක්ත වූවන් වන අතර ඇතැම් වැඩිහිටි
ජනයා පවා රටේ ජනාධිපතිගේ නම පවා හරිහැටි නොදැනීම විශ්මයට කරුණකි.

 

ඇතැම් ජනතාව තම ජීවිත කාලය තුළ රූපවාහිනීය වැනි ඉලෙක්ට්‍රොනික උපාංග කිසිවක් පියවි ඇසට දැක
නොමැත.


උපුටා ගැනීම - අන්තර්ජාලය

 

 

 

 

 

 

 

 

views

389 Views

Comments

arrow-up