සැබෑ ආදරයට කොහෙද වයසක්? මනාලයාට 95යි මනාලියට 90යි - දශක ගණනාවක ප්‍රේමය විවාහයකින් ජයගත් යුවළ

ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියන කතාවට ඕනෑ තරම් උදාහරණ ඔබ අහලා දැකලා ඇති.
ආදරේ කරන්න විතරක් නෙවෙයි, විවාහ වෙන්නත් එහෙම වයස ප්‍රශ්නයක් ම නෑ කියන එකට උදාහරණයක් කෙන්යාවෙන් අහන්න ලැබුණා.
මේ කතාවේ මනාලයාට වයස අවුරුදු 95ක් ! එතකොට මනාලියගෙ වයස අවුරුදු 90ක් !!
විදෙස් වාර්තාවන්ට අනුව සති අන්තයේදී ඔවුන්ගේ විවාහය මේ විදියට සිදුවෙලා තිබුණේ, දෙදෙනා හමුවීමෙන් දශක හයකට පසුව.
විවාහ උත්සවය කෙන්යාවේ අගනුවර වන නයිරෝබි සිට ඊසාන දෙසින් පිහිටි මුකුර්වේනි හි පල්ලියක පැවති බවයි සඳහන් වන්නෙ.
ඉබ්‍රාහිම් එම්බෝගෝ සහ තබිතා වැන්ගුයි නම් මේ නව යුවළගේ මුල්ම හමුවීම 1960 දක්වා දිවයන්නක්.
"අපි එකට සාකච්ඡා කරලා තීරණය කළා පල්ලියේ විවාහයක් කරනවා නම් හොඳයි කියලා.
අපේ චාරිත්‍රානුකූලව දන්නවා අපි විවාහකයි කියලා,
නමුත් අපි ක්‍රිස්තියානි නිසා පල්ලියේ විවාහයක් කරන්න තීරණය කළා..."
2180 Views
Comments