“වීඩියෝ වල ලොකු සයිස් කෙනෙක් වුණාට දැක්කම හරි පොඩියිනෙ” - වෙඩි ප්‍රහාරයට මොහොතකට කලින් ක්ලබ් වසන්ත සුජීවාට කියූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

“වීඩියෝ වල ලොකු සයිස් කෙනෙක් වුණාට දැක්කම හරි පොඩියිනෙ” - වෙඩි ප්‍රහාරයට මොහොතකට කලින් ක්ලබ් වසන්ත සුජීවාට කියූදේ

“වීඩියෝ වල ලොකු සයිස් කෙනෙක් වුණාට දැක්කම හරි පොඩියිනෙ” - වෙඩි ප්‍රහාරයට මොහොතකට කලින් ක්ලබ් වසන්ත සුජීවාට කියූදේ

අතුරුගිරිය වෙඩිතැබීමේ සිදුවීමෙන් පාදයකට බරපතල තුවාල සිදුවූ ගායිකා කේ. සුජීවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඇයගේ පාදයේ සැත්කමක්ද සිදුකළ අතර ඇය ආසන්නයට යන්නට පවුලේ අයට හා ළඟම හිතවතුන්ට පමණක් රෝහලෙන් අවස්ථාව සලසා ඇත.

 

ඇයගේ සුවදුක් විචාල අය  සැපයූ තොරතුරු අනුව සුජීවා සිද්ධිය මෙසේ ‍විස්තර කර තිබෙයි.



''දුලාන්ව මං දන්නවා. එයා ආරාධනාවක් කරාම බැහැ කියන්න බැහැනෙ. මට දරුවො දෙන්නාත් එක්කන් එන්න කියල තමයි මේ උත්සවයට ආරාධනා කර තිබුනේ.ඒත් මං ඒ දෙන්නා එක්ක ගියේ නැහැ. එහෙම ගියානං ඒ අයටත් ප්‍රශ්නයට මුහුණදෙන්න වෙනවා.



වසන්ත ගැන මං දැනගෙන හිටියට මේ උත්සවයට පෙර ඔහුව හමුවී නැහැ. මුල්වරට එයා හමුවුනේ. මාත් එක්ක පොඩි විහිළුවකුත් කරා. එයා කිව්වා මාව වීඩියෝ වලින් දැක්කට හැබැහින් දැකල නැති බව.  එයා මං වීඩියෝ වල ලොකු සයිස් කෙනෙක් කියල හිතං හිටි නමුත් දැක්කම හරි පොඩි කෙනෙක්නෙ.. කියල විහිළුවට කිව්වා.

 

වෙඩි තැබීමේ සිදුවීම හිතුවෙ නැති වෙලාවක එකපාරට සිදුවුනේ. මගේ වම් කකුලට එක්වරම වෙඩි වැදුණා. තුවාලෙත් එක්කම මං බිම වැටුණා.මං කකුල අල්ලගෙන කෑගැහුවා. වසන්ත බිම වැටිල ලේ පෙරාගෙන ඉන්නව දැක්කා.
මං කෑහල කිව්වා අපිව ඉස්පිරිතාලෙ ගෙනියන්න කියලා. මේ සිද්ධියෙන් නයන නැති වුණා. ඒ ගැන හිතාගන්න බැරි කම්පනයක් මට තියෙන්නෙ. මට පැය තුනහමාරක විතර සැත්කමක් කරා. දැඩි සත්කාරෙ හිටියා.දැන් නං සාමාන්‍ය වාට්ටුවක ඉන්නෙ."

views

665 Views

Comments

arrow-up