ආසියාවේ අංක එකේ ධනවතා මුකේෂ් අම්බානිගේ පුතුගේ මංගල උත්සවයට ජස්ටින් බීබර්ත් ඇවිත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

ආසියාවේ අංක එකේ ධනවතා මුකේෂ් අම්බානිගේ පුතුගේ මංගල උත්සවයට ජස්ටින් බීබර්ත් ඇවිත්

ආසියාවේ අංක එකේ ධනවතා මුකේෂ් අම්බානිගේ පුතුගේ මංගල උත්සවයට ජස්ටින් බීබර්ත් ඇවිත්

ආසියාවේ අංක එකේ ධනවතා වන මුකේෂ් අම්බානීගේ පුතු අනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට්ගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන මුම්බායි නුවර පැවැත් වෙයි. ඒ, බොලිවුඞ් නළු නිළියන් සහ ජාත්‍යන්තර සුපිරි තරු පිරිවරාගනිමිනි.

 

මංගල උත්සවයට සමගාමීව, මුම්බායි නුවර සංගීත ප්‍රසංගයක් පැවැත්වුණු අතර, ඊට ලෝ සුපතල, තරුණ තරුණියන්ගේ ආදරය දිනූ බටහිර පොප් ගායක ජස්ටින් බීබර් ද එක් විය.

 

ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, කැපී පෙනෙන සිදුවීම වූයේ, ජස්ටින් බීබර්ගේ ගායනය හෝ ගායනයේ යෙදෙමින ඔහු කළ අපූරු රංගනය නොව, ගායනය සහ රංගනය වෙනුවෙන් ඔහු අය කළ මුදලය. 
ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, පැය කීපයක එම විශේෂ ප්‍රසංගයට සහභාගී වීමට ජස්ටින් බීබර් ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක මුදලක් අය කර ඇත.

 

30 හැවිරිදි ජස්ටින් ඩෲ බීබර්, කැනේඩියානු ගායකයෙකි. අද වනවිට ඔහු ලොව වඩාත් ජනප්‍රිය පොප් ගායකයාය. ගායකයකු පමණක් නොව, ඩස්ටින් බීබර් ගීත රචකයෙකු ද වෙයි. ජස්ටින් බීබර් විවාහ වී සිටින්නේ හේලි සමඟය. 

 

බීබර්, මුම්බායි ප්‍රසංගයට සහභාගී වූයේ හේලි ඇගේ පළමු දරු ප්‍රසූතියට සූදානම් වෙද්දීය. බීබර්, ලෝක සංචාරයක නියැලෙමින් ප්‍රසංග මාලාවක් පවත්වයි. ඔහු මුම්බායි බලා ගියේ එම ප්‍රසංගය තාවකාලිකව අවලංගු කරමින් යැයි ද පැවැසෙයි.

 

වසරේ මහා විවාහ මංගල උත්සවය ලෙස ද සැලකෙන අනන්ත් අම්බානීග්ගේ සහ රධීකා මර්චන්ට් මංගල උත්සව ලබන ජූලි 14 දක්වා මුම්බායි නුවර, ‘ජියෝ වර්ල්ඞ්’ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙයි.

 

අනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට්ගේ පූර්ව විවාහ මංගල උත්සවය පසුගිය මාර්තු මාසයේ ඉන්දියාවේ ජම්නගර්හිදී පැවැත්වුණු අතර බොලිවුඞ් නළු නිළියන්ට අමතරව, ලොව කැපී පෙනෙන ප්‍රචල චරිත රැසක් ඊට සහභාගී වූහ. 

 

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මෙන්ම මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධානී බිල් ගේට්ස් ද විශේෂ ආරාධිත අමුත්තන් අතර වූහ.

views

5648 Views

Comments

arrow-up