“අමතක නොවේ ලස්සන රුවේ... සිත සැනසුවේ.. සුභ උපන්දිනයක් අම්මා” - අම්මාගේ උපන්දිනය වෙනුවෙන් අකිල තැබූ ආදරණීය සටහන (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පි අකිල ධනුද්ධර ආදරණීය සටහනක් තියලා.
සටහනට හේතු කාරණා සපයලා තිබුණේ ඔහුගේ ආදරණීය මව එහෙමත් නැත්නම් රටක් හඳුනන කලා ශිල්පිනිය කුමාරි මුණසිංහගේ උපන්දිනය.
අම්මාගේ උපන්දිනය දා අප්පච්චිව මතක් නොවී තියේවිද.
අකිලට එහෙම අප්පච්චිව මතක් වෙන්න විශේෂ කාරණා අවශ්‍ය නොවුණත්, අම්මාගේ උපන්දිනයත් අප්පච්චිගේ උපන්දිනයත් අතර තිබුණු සතියක වෙනස අකිල සිය සටහනේ විශේෂ කොට සඳහන් කරලා තිබුණා.
ඒ, පැරණි මතකත් ආවර්ජනය කරන ගමන් ම...
''කුමාරියේ.... අමතක නොවේ ලස්සන රුවේ...
සිත සැනසුවේ..
සුභ උපන්දිනයක් අම්මා
අම්මාගේ උපන්දිනයයෙන් පටන්ගන්න මේ සතිය සාමාන්‍යයෙන් සන්තෝස සතියක් බවට පත් වෙනවා මොකද අද ඉදන් හරියටම සතියෙන් අප්පච්චිගේ උපන්දිනයත් යෙදිලා තියෙනවා (ජූලි 1-8)
අප්පච්චි අනිවාර්යයෙන් අම්මාගේ උපන්දිනයට තෑග්ගක් දෙනවාමයි ඒක කවදාවත් වරදින්නේ නෑ
ඒකට සතුටු වෙන අම්මා හරියටම සතියෙන් එන අප්පච්චිගේ උපන්දිනය දවසට උදේට කිරිබතකින් හරි විශේෂ කරන්න බලපු අවස්ථාව මතකයි
ඒ කියන්නේ මේ සතියම කොහොමත් ප්‍රසන්න විදියට ගත වෙන ලස්සන සතියක්''
1832 Views
Comments