කත්‍රිනා කයිෆ් මව් පදවියට ?? - පැතිරෙන කටකතාව ගැන විකී කෞෂාල් කියූදේ

මේ ගෙවෙන්නේ බොලිවුඩයෙන් සුබ කාරණා කීපයක්ම ඇහෙන කාලයක්.
ඒ, බොලිවුඩයේ 'අලුත් අම්මලා' ගැන.
එහෙම අහන්න ලැබුණු අලුත් ආරංචිය තමයි 'කත්‍රිනා කයිෆ් මව් පදවියට' සැරසෙන විත්තිය.
මේක හුදෙක්ම 'කටකතාවක්' විතරයි.
නමුත් 'ඒක එහෙම තමයි' කියලා තරමක් දුරට පිළිගන්න පුළුවන් අන්දමේ සාක්ෂි කිහිපයක්ම පහුගිය දිනවල අන්තර්ජාලයේ හුවමාරු වුණා.
ඉන් වඩාත්ම කතාබහට ලක්වුණේ කත්‍රිනා - විකී යුවළගේ ලන්ඩන් සංචාරයේ වීඩියෝවක්.
කොහොම නමුත් මේ කතාවේ ඇත්ත නැත්ත ගැන දෙන්නගෙන් කිසිම කෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුණේ නෑ.
ඒ කියන්නෙ මේ කතාවට නිල තහවුරු කිරීමක් තිබුණේ නෑ.
මෑතකදී විකීගේ මීළඟ නිර්මාණය වන ''Bad Newz'' හි ට්‍රේලර් එක එළිදැක්වීමේ උත්සවය මුම්බායිවල පැවැත්වුණා.
එතනදීත් කත්‍රිනාගේ ගැබ් ගැනීම ගැන කතාව ඇදිලා ඇවිත්.
මාධ්‍ය සංවාදය අතරතුර, විකීගෙන් අහලා තිබුණා සිය පළමු දරුවා පිළිගැනීමේ 'ශුභාරංචිය' රසික සමූහයාට කියන්නෙ කවදාද කියලා.
එතැනදී විකීගේ උත්තරය වෙලා තිබුණේ සුන්දර සිනහවක්. ඒත් එක්කම 'නියමිත වෙලාවට කියන්නම්' කියලයි විකී සිනහවෙන්ම උත්තර දීලා තිබුණේ.
286 Views
Comments