දුම්රියකට යට වූ කාන්තාවකගේ දිවි අනූ නවයෙන් බේරෙයි - ඉන්දියාවෙන් ඇහෙන ඇදැහිය නොහැකි කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

දුම්රියකට යට වූ කාන්තාවකගේ දිවි අනූ නවයෙන් බේරෙයි - ඉන්දියාවෙන් ඇහෙන ඇදැහිය නොහැකි කතාව

දුම්රියකට යට වූ කාන්තාවකගේ දිවි අනූ නවයෙන් බේරෙයි - ඉන්දියාවෙන් ඇහෙන ඇදැහිය නොහැකි කතාව

දුම්රියකට යට වූ කාන්තාවක් ආශ්චර්යමත් ලෙස දිවි ගලවා ගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

 

අනතුර සිදුව ඇත්තේ මුම්බායි හි බෙලාපූර් දුම්රිය ස්ථානයේ දී යි. අනතුරින් එම කාන්තාවගේ දෙපා අහිමිව ඇති බව සඳහන්.

 

අදාළ කාන්තාව සෙනඟ පිරුණු දුම්රියකට ගොඩවීමට දරන ලද උත්සාහයේදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

 

අනතුර සිදුවන විට දුම්රිය ධාවනය වෙමින් තිබී ඇති අතර එක් මැදිරියක් ඇය මතින් ගමන් ගෙන ඇති බව සඳහන්.

 

පසුව මගීන් සහ ආරක්ෂක නිලධාරීන්ගේ කෑගැසීම් මධ්‍යයේ දුම්රිය නතර කර තිබෙනවා. අනතුරුව ඇයව බේරාගැනීමට කටයුතු කරැති බවයි වාර්තා වන්නේ.

 

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව ඊයේ රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මුම්බායි නගරයට ආසන්න ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

 

එම හේතුවෙන් දුම්රිය ගමනාගමනය අඩාල වී ඇති බව සඳහන්.

 

ඒ අනුව පැවති දුම්රිය අවලංගු කිරීම් සහ ප්‍රමාද වීම් මධ්‍යයේයි මෙලෙස තදබදයක් උද්ගතව ඇත්තේ.

views

277 Views

Comments

arrow-up