හෙල්මට් නැතිව ගිය යතුරුපැදිය නැවැත්තුවයි රාලහාමිට වටකර නෙලලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

හෙල්මට් නැතිව ගිය යතුරුපැදිය නැවැත්තුවයි රාලහාමිට වටකර නෙලලා

හෙල්මට් නැතිව ගිය යතුරුපැදිය නැවැත්තුවයි රාලහාමිට වටකර නෙලලා

ආරක්ෂක හිස්වැසුමක් නොමැතිව ධාවනය කළ යතුරු පැදියක් නවතා පරීක්ෂා කිරීමේ සිද්ධියක් මුල්කරගෙන පෑළියගොඩ දිසා රථවාහන කොට්ඨාසයේ කොස්තාපල්වරයකුට පහර දී පලා ගොස් සිටි කාන්තාවක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

=සැකකරුවන්ගේ පහර කෑමට ලක් වූ මෙත්සර (98194) නමැති ආධුනික පොලිස් කොස්තාපල්වරයා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

 

එම කොස්තාපල්වරයා පෙරේදා (24) ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පලම අසල රථවාහන රාජකාරියේ නිරතව සිටියදී ආරක්ෂක හිස් වැසුමක් නොමැතිව ධාවනය කරන ලද යතුරු පැදියක් නවත්වා පරීක්ෂා කර ඇති අතර එහි පැදිකරු බීමත්ව සිටීම හේතුවෙන් ඔහු රැගෙන යාමට පැමිණෙන ලෙසට කොස්තාපල්වරයා රථවාහන කොට්ඨාසයේ නිලධාරීන්ට දැනුම් දී ඇත.

 

එම අවස්ථාවේ යතුරු පැදිකරු ඔහුගේ මිතුරන් පිරිසකට සිද්ධිය දැනුම් දී ඇති අතර ඔහු ස්ථානයට පැමිණ මිතුරන් පිරිසක් සමඟ එක්ව කොස්තාපල්වරයාට පහර දී එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.



කොස්තාපල්වරයාගේ දැනුම්දීමත් සමග පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පලා යමින් සිටි සැකකරු පසුපස හඹා ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පොලිස් ස්ථානයට රැගෙන යෑමට උත්සාහ කිරීමේ දී සැකකරුගේ මව ඇතුළු කිහිප දෙනකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇතැයි පොලිසිය කියයි.

 

මෙම උණුසුම් තත්වය අතරතුර සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී නැවත පලා ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධියට සම්බන්ධ සැකකරු, ඔහුගේ මව හා තවත් පුද්ගලයකු පෙරේදා (24) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

views

342 Views

Comments

arrow-up