“දෙයියනේ, කැබ් එකේ දොර ලොක් වෙලා දරුවා ඇතුලේ” - දරුවා එලියට ගත් හැටි මෙන්න (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

“දෙයියනේ, කැබ් එකේ දොර ලොක් වෙලා දරුවා ඇතුලේ” - දරුවා එලියට ගත් හැටි මෙන්න (VIDEO)

“දෙයියනේ, කැබ් එකේ දොර ලොක් වෙලා දරුවා ඇතුලේ” - දරුවා එලියට ගත් හැටි මෙන්න (VIDEO)

ඊයේ උදෑසන 8.30 ට ගලෙන්බිඳුණුවැව නගරයේ ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන ලබාගැනීමට පැමිණි කැබ් රථයක දොර ලොක් වීමෙන් කුඩා දරුවෙකු එම කැබ්රථය තුළ පැයකට ආසන්න කාලයක් සිරවී සිටි අතර දරුවා ඉන් එලියට ගැනීමට එහි රැස්ව සිටි පිරිස මහත් පරිශ්‍රමයක් දැරිමට සිදුවීය.


අද උදෑසන 8.30 ට පමණ මෙම දරුවා සිය පියා සමග ගලෙන්බිඳුණුවැව නගරයේ ඉන්ධන පිරවුම්හල වෙත පැමිණ ඇති අතර සිය පියා විසින් මෙම දරුවා කැබ්රථයේ සිටියදී ඉන්ධන ලබාගැනීම සදහා ඉන්ධන පොම්පය ළගට ගොස් ඇති අතර එහිදී දරුවාගේ අත වැදීමෙන් කැබ්රථය ලොක් වී ඇති බවයි වාර්තාවේ.

 

ඉන් අනතුරුව එම ස්ථානයේ සිටි ජනතාව විසින් කැබ්රථයේ දොර කැඩීමට උත්සහ කර ඇති අතර අනතුරුව දරුවාගේ පියා වෙනත් කැබ්රථයේ අධාරයෙන් ඔහුගේ නිවසට ගොස් රැගෙන විත් අදාල කැබ්රථයේ දොර විවෘත කරතෙක් දරුවා කැබ් රථයේ සිරව සිට ඇති අතර පැයකට ආසන්න කාලයක් කැබ් රථයේ දරුවා සිරව සිටියද සිගිති දරුවාට කිසිදු අනතුරක් සිදු වී නැහැ.

 

 

views

345 Views

Comments

arrow-up