හොඳම බේබද්දාට තරඟ වැදී ජයග්‍රහණය කල තිදරු පියා මරුගෙන් සම්මාන ලැබූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

හොඳම බේබද්දාට තරඟ වැදී ජයග්‍රහණය කල තිදරු පියා මරුගෙන් සම්මාන ලැබූ හැටි

හොඳම බේබද්දාට තරඟ වැදී ජයග්‍රහණය කල තිදරු පියා මරුගෙන් සම්මාන ලැබූ හැටි

වැඩියෙන්ම මත්පැන් පානය කිරීමට හැකි පුද්ගලයා තේරීම සඳහා පැවැත් වූ තරගයක් අතරතුරදී ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කිරීමෙන් තිදරු පියෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ පදිංචි ගනේෂන් රාමචන්ද්‍රන් නැමති 39 හැවිරිදි තිදරු පියෙකි.

 

ඉකුත් (27) දින රාත්‍රියේ එම වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවය පවත්වා ඇති අතර, එම උත්සවයට සහභාගි වූ තරුණ පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රමාණයක් පානය කළ හැකි පුද්ගලයා තේරීමට තරගයක් පවත්වා ඇත. එම

 

තරගයට වතුයායේම පදිංචි පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත් වී ඇති අතර ඒ සඳහා මිලිලීටර් 750 මත්පැන් බෝතල් තුනක් ලබාදී ඇති අතර එහිදී අඩුම කාලයකින් මත්පැන් බෝතලය පානය කරන පුද්ගලයා ජයග්‍රහකයා ලෙස තෝරා ගැනීමට සැලසුම් කර ඇත.

 

එම තරගයෙන් ජයග්‍රහණය කර මියගිය අය තරගයට ඉදිරිපත් වීමට පෙර සිටම අධික ලෙස මත්පැන් පානය කර සිටි බව එම වතුයායේ වතු කම්කරුවෝ පැවසූහ.

 

රාත්‍රියේ නිවසට පැමිණි තම පියා රාත්‍රි ආහාර ගෙන නින්දට ගිය පසු 28 දින අලු‍යම නින්දේම ජිවිතක්ෂයට පත් වී ඇති බව මියගිය තිදරු පියාගේ වැඩිමහල් දියණිය මරණ පරීක්ෂණයේදී පවසා ඇත.

 

මෙම තරගයට ඉදිරිපත් වූ තවත් පුද්ගලයෙක් අධික ලෙස රෝගාතුර වී දික්ඔය මූලික රෝහල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

 

මියගිය තිදරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මරණයට හේතුව වශයෙන් සටහන් කර ඇත්තේ නිව්මෝනියා උණ රෝගය වැළඳි සිටීම සහ ගලනාලයේ ආහාර සිරවීම මරණයට හේතුව වී ඇති බවයි.

 

මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව හැටන් පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

 

මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු 31 දින එම වතුයායේදී සිදු කෙරිණි.

views

405 Views

Comments

arrow-up