වලිගයක් සහිතව සිදුවූ අසාමාන්‍ය දරු උපත

චීනයේ අතිශය දුර්ලභ සෙන්ටිමීටර 10 (අඟල් 3.9) වලිගයක් වැනි කොටසක් සහිතව දරුවෙකු උපත ලබා තිබෙනවා.
මෙම අසාමාන්‍ය තත්ත්වය ළමා ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍යවරයා වන වෛද්‍ය ලී විසින් හඳුනාගෙන ඇත්තේ Hangzhou ළමා රෝහලේදී දරුවාගේ උපතෙන් ටික කලකට පසුවයි.
මෙය Tethered Spinal Cord නැමැති රෝගී තත්ත්වය හේතුවෙන් සිදුවන බව වෛද්‍යවරුන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම වලිගය වැනි කොටසේ කිසිදු චලනයක් සිදු නොවන බව වෛද්‍යවරුන් පවසන අතර මෙම කොටස ඉවත් කරන ලෙස දරුවාගේ දෙමව්පියන් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වනවා.
නමුත් එම කොටස ස්නායු පද්ධතියට සම්බන්ධ බැවින් ශල්‍යකර්මයකින් ඉවත් කළහොත් දරුවාට හානියක් වන බව වෛද්‍යවරුන් සඳහන් කරනවා.
407 Views
Comments