ආහාර ගැනීමට පෙර දෑත් සෝදන්න ළිඳට ගිය දැරියට අත්වුණු ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

ආහාර ගැනීමට පෙර දෑත් සෝදන්න ළිඳට ගිය දැරියට අත්වුණු ඉරණම

ආහාර ගැනීමට පෙර දෑත් සෝදන්න ළිඳට ගිය දැරියට අත්වුණු ඉරණම

මදුරන්කුලිය පොලිස් වසමට අයත් විරුතෝඩය ප්‍රදේශයේ හය හැවිරිදි පාසල් දැරියක් නිවස ආසන්නයේ පිහිටි අඩක් නිමකර තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී මරණයට පත්ව තිබේ.

 

15 වැනිදා සවස මෙම අනතුර සිදු වී ඇත.

 

මදුරන්කුලිය විරුතෝඩය මුස්ලිම් විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හලාම් ෆාතිමා සානා නමැති දැරිය මෙසේ මියගොස් තිබේ.

 

රාමසාන් උපවාසය අවසන් වූ පසු දේවස්ථානයෙන් ලබාදෙන ආහාර හා බීම වර්ග ඇයගේ මව හා ලොකු අම්මා විසින් රැගෙන ඒමෙන් පසු ඒවා ලබාදීමට අත් සෝදා පිරිසිදු වී එන ලෙස ඇයට දන්වා තිබේ.

 

පසුව දියණිය ජල කරාමයෙන් ජලය නොගෙන භාවිතයට නොගන්නා අඩක් නිමකර තිබූ අනාරක්ෂිත ළිඳෙන් ජලය ලබා ගැනීමට උත්සාහ කිරීමේදී එකවරම ළිඳට වැටී ඇත.

 

දැරිය ආපසු පැමිණීමට පමාවීම නිසා සොයා බැලුවද සොයා ගැනීමට නොහැකි වී ඇත.

 

පසුව සැක සිතී නිවස ආසන්නයේ ඇති අඩක් නිම කර තිබූ අනාරක්ෂිත ළිඳ පරික්ෂා කිරීමේ දී එහි දැරියගේ පාවහන් යුගල දිය මත පාවෙමින් තිබෙනු දැක ඇත.

 

පසුව ළිඳට බැස බැලීමේදී දැරියගේ සිරුර හමු වී ගොඩට ගෙන ඇත.

 

දැරිය ගොඩට ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් මිය ගොස් සිටි බව රෝහලෙන් දැනුම් දී තිබේ.

 

හදිසි මරණ පරික්ෂණය පැවැත්වූ පුත්තලම හදිසි මරණ පරීක්ෂක බදුර්දින් මොහොමඩ් හිසාම් මහතා මෙය දියේ ගිලී සිදුවූ මරණයක් බව නිගමනය කර ඇත. මදුරන්කුලිය පොලිසිය විමර්ශන සිදු කරයි.

views

268 Views

Comments

arrow-up