පෙම්වතියට දිවි අහිමි කළ පෙම්වතාගේ නරක ඇබ්බැහිය - මේවා කාටත් හොඳ පාඩම්

මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන අනතුරු සහ අපරාධ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා.
මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ පුවතක්.
අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කර තම පෙම්වතිය ඝාතනය කල පුද්ගලයකු පාපොච්ඡාරනයක් සිදු කර තිබෙනවා.
කොලොම්බියාවේ බොගෝටා අගනුවර උසාවියකදී ජෝන් පෝලෝස් නම් පුද්ගලයා මෙම පාපොච්ඡාරනය සිදු කර තිබෙනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බවටත් සිදු වූ සියල්ල ගැන පැහැදිලි බවක් තමාට නැති බවටයි.
ඇගේ බෙල්ලේ ලිංගික කටයුතුවලදි භාවිතා කරනු ලබන ටයි පටියක් තිබූ බවට ඔහු සඳහන් කර තිබෙනවා.
"මම වැලන්ටිනා අවදි කිරීමට උත්සාහ කළා, ඇය ප්‍රතිචාර දැක්වූයේ නෑ. මම ඇයව මුලින් දුටු විට, යමක් වැරදී ඇති බව මම දැන ගත්තා. ඇය ඉතා සුදුමැලි වෙලා හිටියේ," යනුවෙන් පෝලෝස් උසාවියට පවසා තිබුණා.
ඔහු ඇයගේ සිරුර ගමන් මල්ලක තබා ගෙන ගොස් කුණු බක්කියකට විසික් කර ඇති බවට එරට පොලීසිය පවසනවා.
"මම වැලන්ටිනාව මුණගැහෙන්න කලින් කවදාවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නෑ.
, මම හිටියේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා, මත්පැන්වලට ඇබ්බැහි වෙලා... ඒත් වෙලාවේ සිදුවුණ දේ මට සම්පූර්ණයෙන්ම පැහැදිලි නැහැ, මම දන්නේ නැහැ.මම එය කළාද, ඇය එය කළාද මම දන්නේ නැහැ, ”36 හැවිරිදි ඔහු පවසා තිබෙනවා.
කෙසේ නමුත් තමාට මරණීය දන්ඬනය ලබා නොදෙන මෙන් අධිකරණයෙන් ඔහු ඉල්ලා තිබෙනවා.
329 Views
Comments