“දෙවියන්ට තිබ්බා හැමෝටම උණුවෙන හදවතක් ලබාදෙන්න..” - සජිත්ගේ පිය පදවිය ගැන පියුමි තැබූ සටහන (PHOTOS)

මේ දවස්වල වැඩිදෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි සජිත් - ජලනි කැදැල්ලට ආව අලුත් අමුත්තිය.
එහෙමත් නැත්නම් විපක්ෂ නායක 'සජිත් ප්‍රේමදාස' මහතාගේ පිය පදවිය.
ඒ ගැන බොහෝ තොරතුරු මීට ඉහත අපිත් ඔබට ගෙන ආවා.
සුබපැතුම් වගේම එල්ල වන ඇතැම් විවේචන මැද වුව, බිරිය හා දියණිය එක්ක විවිධ අවස්‍ථාවන්ට සහභාගී වන විපක්ෂ නායකවරයාගේ සේයා රූ මේ දවස්වල සමාජ මාධ්‍යයේ සැරිසරන කාගෙත් ඇස් නතර කරවන සොඳුරු දසුනක්.
ඔන්න ඉතින් මේ ආදරණීය කතාව ගැන ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ද අපූරු සටහනක් තබා තිබුණා.
ඒ විපක්ෂ නායකවරයාගේ පිය පදවිය විවේචනය කරන්නන්ගෙනුත් ඉල්ලීමක් කරමින්.
''පවු දෙයියනේ හරිම ආදරෙන් තුරුළු කරන් යනවා දැක්කම දුක හිතුණා.
ඒත් අනේ කැත කමෙන්ට්ස් දාලා තිබ්බා මාරම පවු.
එහෙම කැත කමෙන්ට්ස් දාන්න හිතෙනවද ?
මොනා නැතත් දෙවියන්ට තිබ්බා හැමෝටම උණුවෙන හදවතක් ලබාදෙන්න.
අද එහෙනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙනවද.
ප්ලීස් අපහස කමෙන්ට් දාන්න එපා.
පවු පිරෙනවා දෙවියනෙ.
එයාලා දෙන්නගෙ කූඩුවට අලුත් පැටියෙක් එකතු වුණා අපි ආදරෙන් ලස්සන හදවතින් එයාලට සුබ පතමු බුදුසරණයි කියලා..."
902 Views
Comments