සුපිරි ධනපති අම්බානි පුත්‍රයාගේ විවාහ උත්සවයේ පළමු දින දෙකේ ඡායාරූප එකතුව (PHOTOS)

දින 3 ක් තිස්සේ ඉන්දියාවේ ජම්නගර්හි (ගුජරාට්) පැවැත්වෙන ධනපති මුකේෂ් අම්බානිගේ බාල පුතු අනන්ට් අම්බානිගේ විවාහ මංගල්‍යයේ පළමු අදියරේ උත්සවයසුප්‍රකට බොලිවුඩ් තාරකාවන් ක්‍රිකට් තාරකාවන් විදෙස් ධනපතියන් ඇතුළු ජනප්‍රිය චරිත පැමිණෙමින් සිටී.
ඇමරිකාවේ සිට ඉවංකා ට්‍රම්ප්ද පැමිණ ගිය අතර සංගීත අංග සදහා සුපිරි පොප් ගායිකා රිහානා සිය කන්ඩායමද නැටුම් ගැයුම් ඉදිරිපත් කර තිබුණි.
දින 3 කට සැකසුනු මෙම විවාහ උත්සවයේ විවිධ තේමා සහ ඇඳුම් පැළඳුම් තිබෙන අතර, පළමු දිනයට 'An Evening is Everland' (මාර්තු 1) නමින් තේමාවකින් සිදුවිය.
එහිදී සන්ධ්‍යා කල ඇදුම කොක්ටේල් ඇඳුම වන අතර, දෙවන දිනය 'A Walk on the Wildside' තේමාවක් සූදානම් කර තිබුණි,
ඉන්පසු අමුත්තන් එතැනින් දේශීය ක්‍රියාකාරකම් සිදු කෙරෙන Mela Rouge වෙත ගිය අතර එහිදීද අමුත්තන් වෙනස් ඇදුමකින් සැරසි සිටින්නට නියම විය.
තුන්වන දිනයේ 'Tusker Trails සහ Hashtakshar' නමින් ඉසව් දෙකක් පැවැත්වෙනු ඇති අතර එහිදී අමුත්තන්ට Jamnagar හි සුන්දරත්වය භුක්ති විඳීමට සහ Hashtakshar සඳහා වාර්ගික ඉන්දියානු ඇඳුම් පැළඳුම් සංග්‍රහයෙන් සැරසෙනු ඇත.
414 Views
Comments