“උපන්දින සුබ පැතුම් වලට ස්තූතියි මාත් ආදරෙයි, මට හම්බුණු ලොකුම තෑග්ග” - දිනක්ෂිට උපන්දිනය දා ලැබුණු ලොකුම තෑග්ග (PHOTOS)

වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරය ජයගත් දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියකි දිනක්ෂි ප්‍රියසාද්.
කලා පවුලකම වැඩිමල් දියණිය වන දිනක්ෂි විවාහ වෙන්නෙත් කලාවට ම නෑකම් කියන පවුලක හැඩකාරයෙක් එක්ක.
ඒ ඔබ අපි කවුරුත් හොඳින්ම දන්න හඳුනන සාරංග දිසාසේකර.
සාරංග - දිනක්ෂි යුවළ අතිශය ජනප්‍රිය වුණාට මොකද දැන් නම් වඩාත් ජනප්‍රිය මේ දෙන්නගෙ දියණිය සාරණ්‍යා.
ඒ කතාවට ඔබත් එකඟ ඇති.
ඉතින්, මේ මුළු කලා පවුලම ඉමහත් රසික ආදරයක් දිනූ ආදරණීය පවුලක්.
ඒ නිසාම වෙන්න ඇති දිනක්ෂිට ලැබුණු ලොකුම උපන්දින තෑග්ග බවට ''ප්‍රේක්ෂක ආදරය'' පත්වුණේ.
ඔව්... අද ඇයගේ උපන්දිනය.
''ඔයාලගේ ආදරේ තමයි මගේ ලොකුම හයිය...
මට හම්බුනු ලොකුම තෑග්ග...
ගලාගෙන එන උපන්දින සුබ පැතුම් වලට ස්තූතියි
මාත් ආදරෙයි''
උපන්දිනය වෙනුවෙන් සාරංගවයි සාරණ්‍යාවයි ළඟට කරගෙන දිනක්ෂි පෙනී සිටි සිත්ගන්නා සේයා රූ එකතුවක් ද අපේ ඇස ගැටුණා.
හැමදාමත් වගේ තවත් හැඩට බබළන්න අපෙනුත් දිනක්ෂිට සුබම සුබ උපන්දිනයකට ආසිරි පතන ගමන්, ඔවුන්ට ආදරේ කරන ඔබ වෙනුවෙන් ඒ සුන්දර සේයා රූ එකතුව මේ විදියට අරන් එන්න අපි හිතුවා...
559 Views
Comments