“එකට ඉන්න බැරි වුණා, දික්කසාද වුණා” - මේධා ජයරත්න සිය දික්කසාදය ගැන කෙලින්ම කතා කරයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

“එකට ඉන්න බැරි වුණා, දික්කසාද වුණා” - මේධා ජයරත්න සිය දික්කසාදය ගැන කෙලින්ම කතා කරයි (PHOTOS)

“එකට ඉන්න බැරි වුණා, දික්කසාද වුණා” - මේධා ජයරත්න සිය දික්කසාදය ගැන කෙලින්ම කතා කරයි (PHOTOS)

සමහර චරිත ඉන්නවා කොච්චර කාලයක් ගියත් වයස හොයන්න බෑ.

 

හැමදාම එකම වගේ. රූපයේ කිසිම වෙනසක් නෑ.

 

අන්න එහෙම චරිතයක් තමයි ජනප්‍රිය නිළි මේධා ජයරත්න.

 

ඈ රූප පෙට්ටිය තුළින් කාලයක් තිස්සෙ අපේ ආලින්දයට ගොඩවෙනවා. එදා වගේම තමයි අදත්, රූපයේ කිසිම වෙනසක් නෑ.

 

හැබැයි එදා තරමටම ඈව දැකගන්න ලැබෙන ඉඩ නම් සෑහෙන්න අඩුයි.

 

''මට ටෙලි නාට්‍ය බොහෝමයකට ආරාධනා කළා.

චරිත ගැන කතා කළාම ඒ චරිත තුළ මට යමක් කරන්න පුළුවන් නිසා කැමැති වූ නිර්මාණත් තිබුණා.

කැමැති වුණාට පස්සේ ගාස්තු කතා කරද්දී මගේ ගණන් මම කියනවා.

ඒත් එක්ක ඒ නිර්මාණකරුවන් ඊට පස්සේ කතා කරන්නේ නැහැ.

මොකද මගේ ගාස්තුව සාධාරණ එකක්. ඒක එයාට ගෙවන්න බැරිව වෙන්න ඇති ආයේ කතා නොකරන්නේ.

එහෙම කියලා අඩු ගණන්වලට මම රඟපාන්න යන්නෙ නැහැ. ඔය ගැටලු තමයි දැන් තියෙන්නේ ''

 

 

මේධා දරු දෙන්නෙක්ගෙ මවක්.

 

දක්ෂ කලා අධ්‍යක්ෂවරයෙක් වන සුරංග ලක්මාල් සෙනෙවිරත්න එක්ක විවාහ වෙලා උන්නු ඇය මේ වෙනකොට ඉන්නෙ විවාහයෙන් වෙන්වෙලා.

''සුරංග හොඳ නිර්මාණ කරන අධ්‍යක්ෂවරයෙක්.

නමුත් ඔහුගෙන් වෙන්වුණාට පස්සේ එකට වැඩ කරන්න ආරාධනා කළේ නැහැ.

ආරාධනා කරයි ද දන්නෙත් නැහැ. ආරාධනා කළොත් මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ.

ඔහුගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම මට අපහසුතාවයක් නැහැ.

දරුවන්ගේ වැඩවලට වුණත් කතා කරන්න අපිට සිදු වෙනවා.

එහෙම දෙන්නා අතර තරහකුත් නැහැ. මට නම් ප්‍රශ්නයක් නැහැ''

විවාහයෙන් වෙන් වුණාට මොකද දරුවන් වෙනුවෙන් ඈ පෙනී ඉන්නවා. ඒ බව හොඳටම පැහැදිලියි ඇයගේ සමාජ මාධ්‍ය භාවිතය ගැන ඔබ විමසිලිමත් නම්...

''දරුවෝ දෙන්නම එයාගේ අප්පච්චිට වගේම මටත් කිට්ටුයි.

පුතා විදෙස්ගත වෙලා ඉන්නේ, නිවාඩුවකට ලංකාවට ආවා.

ඇවිත් මාත් එක්කත් කාලය ගත කරලා ගියා.

දුව සති අන්තයේ ඉන්නෙ මාත් එක්ක. නිවාඩුවක් ලැබුණම එයා මම ළඟටත් එනවා.

දරුවෝ තේරුම් තියෙන වයසේ ඉන්නේ. එයාල මාත් එක්ක තරහක් නැහැ.

අපි සතුටින් ජීවත් වෙනවා. නිතරම කතාබහ කරනවා.

පුතාව විදේශීය රටක ඉගෙන ගන්න මූලිකත්වය ගත්තේ මම. වියදම් දැරුවේ මම.

දැන් පුතාගේ සියලු වියදම් කරන්නේ එයාගේ අප්පච්චි. මම දුව ගැනත් බලනවා.

මම වගකීම්වලින් ඈත් වෙලා නැහැ, එයාලගේ අප්පච්චිට තනියම දේවල් කරන්න බැහැ.

අපි දෙන්නා දරුවන් වෙනුවෙන් ඉන්නවා ''

''මට නම් සමාජය කියන කතා කිසිම වැඩක් නැහැ.

මොකද විවිධ සමාජ මට්ටම්, අධ්‍යාපන මට්ටම්වල පිරිස් ඉන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ තමයි ඔය මඩ තියෙන්නේ.

අපිට කාවවත් සතුටු කරන්න අවශ්‍ය නැහැ එකඑක්කෙනා තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් කියලා හිතාගෙන හිටපු දෙන්.

එකට ඉන්න බැරි නම් වෙන් වෙලා ජීවත් වෙන එක හොඳයි.

සතුටින් කියලා පේන්නන මම දන්න අයගෙන් සියයට අනූවක්ම විඳවන අය ඉන්නේ, ඉතිං ඇයි විඳවන්නේ, එකට ඉන්න බැරි වුණා, දික්කසාද වුණා.

කවුරු මොනවා කිව්වත් මම ජීවිතේ විඳිනවා.

මම දුකට, අපහසුතාවට පත් වෙන්න ඕන මට නරකක් වුණොත් තමයි.

මගේ ජීවිතේට නරකක් වෙලා නැහැ. ඒ නිසා මට දුකක් නැහැ.''

 

views

330 Views

Comments

arrow-up