“බුදුරජාණන් වහන්සේටත් ගල් පෙරළපු මිනිස්සු හිටියා” - ලැබෙන ප්‍රතිචාර ගැන හෙෂානි කට අරී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

“බුදුරජාණන් වහන්සේටත් ගල් පෙරළපු මිනිස්සු හිටියා” - ලැබෙන ප්‍රතිචාර ගැන හෙෂානි කට අරී

“බුදුරජාණන් වහන්සේටත් ගල් පෙරළපු මිනිස්සු හිටියා” - ලැබෙන ප්‍රතිචාර ගැන හෙෂානි කට අරී

රංගනය ,නර්තනය තුළින් කාගෙත් හිත් දිනූ ඈ නමින් හෙෂානි ලියදිපිට.

 

නිතර කතාබහට ලක්වන තරු අතර ඇගේ නමද නිරායාසයෙන්ම කියවෙන්නේ නව පරපුරේ නැඟී එන තාරකාවක් හැටියට.

 

හෙෂානිව වඩාත් කතාබහට ලක්වන්නේ දක්ෂතාවය සහ ජනප්‍රියත්වය නිසාම පමණක් නොවන විත්තිය සමාජ මාධ්‍යයේ සැරිසරන ඔබ හොඳාකාරවම දන්නවා ඇති.

 

ශරීර හැඩය නිසාම ඇය කවර සේයා රුවක්, වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කාසු කළද ඊට ලැබෙන ප්‍රතිචාර අතර තරමක විවේචනාත්මක ප්‍රතිචාර බහුලයි.

 

''ඒකට වචනයක් හදලම තිබෙනවා බොඩි ශේමිං කියලා.

මම ගොඩක් දුරට දන්න දෙයක් තමයි බොඩි ශේමිං කියන දේ ගත්තම ශේමිං කියන දේ ලංකාව ඇතුළේ ගොඩක් තිබෙනවා.

ඒකට මට විතරක් නෙවෙයි, ගොඩක් කෙට්ටු ගැහැනු ළමයිට පවා මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා.

ශරීර ගැන විතරක් නෙවෙයි, ගැහැනු ළමයෙක් වාහනයක් ගත්තත් ඒකට නරක ප්‍රතිචාර දක්වන පිරිසක් ඉන්නවා.

ඒක එක එක්කෙනාගේ දැනුම මට්ට්ම කියන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේටත් වැරැදි කියපු, ගල් පෙරළපු මිනිස්සු හිටියා.

මම කොයි වෙලාවකත් මගේ ශරීරයට කියන දේවල් නිසා ඒ මිනිස්සු එක්ක වෛරය, තරහව පිරිමහන්න යන්නේ නැහැ.

සමහර විට එහෙම නරක කමෙන්ට් දාන අය මගේ මූණට හමුවෙලා හිනා වෙලා ගිහිල්ලත් ඇති.

අපි මැරෙන මිනිස්සු විධියට ඇයි කමෙන්ට් එකකට හිත රිද්දගන්නේ.''

'මගේ ෆොටෝ, වීඩියෝවලට නරක කමෙන්ට් දාන පිරිසක් වගේම හොඳ කමෙන්ට් දාන පිරිසකුත් ඉන්නවා.

නමුත් මම හැම වෙලේම අවධානය දෙන්නේ හොඳ කමෙන්ට් දාන පිරිසට.

මාව රිද්දන – වට්ටන දෙයක් ගැන දිගින් දිගටම හිතනවා කියන්නේ, පුංචි මාතෘකාවක් වුණත් ඇති මනුස්සයෙක්ව ඩිප්‍රෙස් කරන්න.

මම හිතන්නේ නැහැ මම ඒ තත්ත්වයට පත් වෙන්න ඕනා කියලා. මේ මට ලැබුණු ශරීරය.

එතැනදි මම කල්පනා කරන්නේ මගේ සැමියා මාව පිළිගන්නවා නම් මගේ මවුපියෝ, සහෝදරයෝ මාව පිළිගන්නවා නම් මම කාටවත් බරක් නොවෙන්න ජීවත් වෙනවා නම් ඇයි මම නොදන්න මනුස්සයෙක් දාන කමෙන්ට් එකකට දුක් වෙන්නේ කියන දේ.

පුද්ගලයෙක්ට තව කෙනෙක්ව රිද්දන්න, පහත් කරන්න කමෙන්ට් කරන්න කාලයක් තිබෙනවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතයම තමයි තත්පරයෙන් තත්පරයේ අනවශ්‍ය දෙයකට වැය වෙන්නේ. එතැනදි දුක් වෙන්න අවශ්‍ය ඒ පුද්ගලයා මිස මම නෙවෙයි.

මොකද මේ ගෙවෙන කාලය නැවත ගන්න බැහැ.

නමුත් කෙනෙක් මට මගේ අඩුපාඩුවක් පෙන්වලා දෙනවා නම් ඒ දේවල් මම පිළිගන්නවා.''

views

256 Views

Comments

arrow-up