යක්කු ගස් නඟින වෙලාවට නැකැත් ඇති මෙදා පාර අවුරුද්දේ නැකැතේ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

යක්කු ගස් නඟින වෙලාවට නැකැත් ඇති මෙදා පාර අවුරුද්දේ නැකැතේ කතාව

යක්කු ගස් නඟින වෙලාවට නැකැත් ඇති මෙදා පාර අවුරුද්දේ නැකැතේ කතාව

සෑම වසරක් පතාම සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම හෙවත් සූර්ය සංක්‍රාන්තිය මූලික
කර ගනිමින් අලුත් අවුරුදු උදාව නම් වූ සංකල්පය වටා ගොනු වූ ශ්‍රී ලාංකේය ජනතාව එය
උත්සවාකාරයෙන් සමරති. ලාංකේය ජනතාවට අමතරව ඉන්දියාව තායිලන්තය ආදී රටවල්වල ජනතාවද,
දමිළ ජාතිකයන්ද, මෙම සූර්ය සංක්‍රාන්තිය උත්සවාකාරයෙන් සමරති.

 

සූර්ය සංක්‍රාන්තිය සිදුවන්නා වූ කාලය තුළ දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම ආදී පුණ්‍යකර්මයන්
සිදුකිරීම සුදුසු යැයි අප හොඳින් අසා ඇති කරුණකි. එය වශිෂ්ට සංහිතාවේ මෙසේ සඳහන් වේ.

 

“දිනපති සංක්‍රමණාත් ප්‍රාක් – ෂොඩුශ නාඬ්‍ය– පුණ්‍ය කාල ස්තු

 

පරත– ෂොඩුෂ නාඬ්‍ය– – සර්වත්‍ර ස්නානද්‍රනයො– පුණ්‍යම්”

(මෙහි තේරුම යම් සූර්ය සංක්‍රාන්ති වෙලාවට සිංහල පැය 16ක් පූර්ව පුණ්‍ය කාලය වේ. සූර්යාගේ
සංක්‍රාන්තියට පසුව සිංහල පැය 16ක් ස්නානය, දන්දීම් ආදියට සුදුසු කාලය වේ.)

 

සූර්යයා එක් රාශියක සිට අනෙක් රාශියට මාරු වෙන්නාවූ කාලය සූර්ය සංක්‍රාන්ති කාලය ලෙස සඳහන්
කරනු ලබන අතර සූර්යයා සිටින්නා වූ රාශියෙන් මාරුවීමට ඔරලෝසු පැය 06යි විනාඩි 24ට පෙර හා
මාරුවීමෙන් පසුව පැය 06යි විනාඩි 24ක් දක්වා කාලය තුළ සූර්ය සංක්‍රාන්ති කාලය ලෙස හැඳින්වේ.
සුබ මොහොත එසේත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේ හ¾දුන්වන නැකැත් සැකසීමේදී ඇතිවන්නා වූ
ප්‍රධාන ‍ෙදා්ෂ තිස්හතෙන් එකක් ලෙස ගැනෙන්නා වූ සූර්ය සංක්‍රාන්ති ‍ෙදා්ෂය පවතින කාලය
ආගමානුකූල හැසිරීම හැර ඉන් ඔබ්බට සුබ කටයුත්තක් සඳහා යොදා නොගනී. අන්ත ‍ෙදා්ෂ, සන්ධ්‍යා
‍ෙදා්ෂ, සූර්ය සංක්‍රාන්ති ‍ෙදා්ෂ ආදී නොයෙකුත් ආකාරයෙන් මුහුර්ත ‍ෙදා්ෂ යෙදෙන්නා වූ මේ
කාලවකවානුවන් තුළ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර කිරීම සඳහා කිරි ඉතිරිවීම, ළිප ගිනි මෙළවීම, ගනුදෙනු
සිදුකිරීම, ආහාර පිසීම, වැඩ ඇල්ලීම ආදී කාර්යයන් සඳහා සුබ මුහුර්ත මධ්‍යම රාත්‍රි කාලය තුළ
ලබාදීම සුදුසු නොවේ.

 

තවදුරටත් කථා කළහොත් නාරද සංහිතාව තුළ මෙසේද, සඳහන් වේ.

 

“ත්‍යාජ්‍යා සූර්යය සංක්‍රාන්ති– – ප්‍රර්වත– පරත– සද්‍ර

විවාහාදිෂු කායෙර්යෂු – නාඬ ්‍ය– ෂෙඩෂ ෂොඩුෂ”

(එහි තේරුම නම් විවාහ මංගල්‍යාදි සුබ කටයුතු සඳහා සූර්ය සංක්‍රාන්ති කාලය යොදා නොගත යුතු බවයි.)

මෙවර 2024 වසර සඳහා සිංහල අලුත් අවුරුදු උදාව සිදුවන්නේ 2024 අප්‍රේල් මස 13 වන
සෙනසුරාදා අපරභාග 09.05ටය. එදින රාත්‍රි 11.06ට ළිප ගිනි මොළවා කිරි ඉතිරවීමද,
සෙනසුරාදා මධ්‍යම රාත්‍රි 12.06ට (14 ඉරිදා ඉර උදාවට පෙර) ආහාර අනුභවය, වැඩ ඇල්ලීම
හා ගනුදෙනු කිරීම සඳහා මුහුර්ත සකසා ලිත්වල සඳහන් කර තිබේ. යක්කු ගස් නඟින වෙලාවේ කිරි ඉතිර
වීම, ආහාර ගැනීම සුදුසුද? සාමාන්‍ය ගැමියා මධ්‍යම රාත්‍රියේදී ආහාරපාන අනුභවය සිදුකරන්නේ
මළප්‍රේතයෝ යැයි කියති.

මෙම කරුණු කාරණා අනුව පෙනී යන්නේ රාජ්‍ය නැකැත් කමිටුව ලබාදී ඇති මෙවර අවුරුදු නැකැත්
ශාස්ත්‍රානුකූලව උචිත නොවන බවයි.

(මව්බිම)

views

401 Views

Comments

arrow-up