මෙයාලගෙන් කීදෙනෙක්ව අඳුරන්න පුළුවන්ද කියලා බලන්නකෝ - සුපිරි බොලිවුඩ් තරු පොඩිකාලෙ හිටියෙ මෙහෙමයි (PHOTOS)

බොලිවුඩ් කියන්නෙ ඉන්දියාවේ විතරක් නෙවෙයි, ලෝකය පුරාම ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනාගන්න සමත් වුණු ක්ෂේත්‍රයක්. ලංකාවෙ අපිත්, ඒ කාලෙ ඉඳංම ලාංකීය සිනමාව තරමටම හින්දි සිනමාව වැළඳගෙන තියෙනවනෙ. ඉතිං, අද අපි හිතුවා සුපිරි බොලිවුඩ් තරු කිහිපදෙනෙකුගේ පොඩි කාලෙ ඡායාරූප ඔබ වෙත ගෙන එන්න.
01. ශාරුක් ඛාන් -
බොලිවුඩයේ "කිං ඛාන්" කියලා හඳුන්වන ශාරුක් ඛාන්ව ඉතිං නොදන්න කෙනෙක් නැති තරම්. 1965 නොවැම්බර් 2 වන දින නවදිල්ලියේ උපත ලද ඔහු 1992 දී දීවානා චිත්‍රපටයෙන් රංගන ජීවිතය ආරම්භ කළා. මේ වෙද්දි ලොව පුරාම රසිකයින්ගෙ උමතු ආදරයට ලක්වෙලා ඉන්න ශාරුක් ඛාන්, පොඩි කාලෙ හිටියෙ මෙන්න මෙහෙමයි :-
02. ප්‍රියංකා චොප්රා -
1982 ජුලි 18 වෙනිදා Jameshedpurහිදී උපත ලබපු ප්‍රියංකා චොප්රා බොලිවුඩ් විතරක් නෙවෙයි හොලිවුඩ් පවා ආක්‍රමණය කරන්න සමත් වුණා. ඇයගේ කුඩා කල ඡායාරූප කිහිපයක් තමයි මේ :-
03. අයිශ්වර්යා රායි බච්චන් -
1973 නොවැම්බර් 01 වනදා කර්නාටක ප්‍රාන්තයේ මංගලෝර් හි සම්ප්‍රදායික දකුණු ඉන්දියානු පවුලක උපත ලැබූ ඇය, 1994 වසරේ ලෝක රූ රැජින කිරුළ හිමිකර ගැනීමෙන් පසු හින්දි සිනමාවට ප්‍රවිෂ්ට වීමට වාසනාව උරුම කරගත්තා. මේ ඇයගේ කුඩා කල පෙනුමයි :-
04. අමීර් ඛාන්
1965 මාර්තු 14 වන දින මුම්බායි හි උපත ලැබූ අමීර් ඛාන්, බොලිවුඩයේ සුපිරි "ඛාන් ත්‍රිත්වය" අතරින් දක්ෂතම නළුවා ලෙස සැලකෙනවා. ඔහුගේ කුඩා කල ඡායාරූප මෙන්න :-
05. කාජල් -
1974 අගෝස්තු 5 වන දින උපත ලද කාජල් 90 දශකයේ සිට බොලිවුඩයේ කැපී පෙනෙන තාරකාවක් වීමට සමත්ව සිටියේ, ඇගේ මන බඳින සිනහව නිසාමයි. ඇයගේ කුඩා කල ඡායාරූප මෙන්න :-
345 Views
Comments