රංගන ශිල්පිනි ඌර්වශි රවුටෙලාට රත්තරනින් කේක් හැදූ ලංකාවේ වැඩ්ඩා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

රංගන ශිල්පිනි ඌර්වශි රවුටෙලාට රත්තරනින් කේක් හැදූ ලංකාවේ වැඩ්ඩා (PHOTOS)

රංගන ශිල්පිනි ඌර්වශි රවුටෙලාට රත්තරනින් කේක් හැදූ ලංකාවේ වැඩ්ඩා (PHOTOS)

පහුගිය දවස්වල අතිශය කතාබහට ලක්වුණු කේක් එකක් ගැනයි මේ සටහන.

 

කේක් එක නිර්මාණය වෙලා තිබුණෙ ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනි ඌර්වශි රවුටෙලාගේ උපන්දිනය නිමිත්තෙන්.

 

මේ කේක් එක විශේෂ වුණේ එය පෙබරවාරි 25 වැනිදාට යෙදී තිබුණු ඌර්වශිගේ උපන්දිනය වෙනුවෙන් නිර්මාණය වුණු එකක් වීම නිසා විතරක්ම නෙවෙයි, ඒක රත්තරන් කේක් එකක් වීම නිසාවෙන්.

 

කේක් එක තෑගි කරලා තිබුණෙ ජනප්‍රිය රැප් ගායකයෙකු වන යෝ යෝ හනී සිං විසින්.

 

කැරට් 24 එඩිබල් රියල් ගෝල්ඩ්වලින් නිමව තිබුණු මේ රන් කේක් නිර්මාණය ඉන්දීය රුපියල් කෝටි තුනක වටිනාකමින් යුතු බව සඳහන්.

 

ඒ වගේම එය වාර්තා පොත් අතරට ගිහින් තිබුණේ, භාරතීය ඉතිහාසයේ ඉහළම වටිනාකමින් යුතුව නිමවුණු කේක් නිර්මාණය හැටියට.

 

ඉතින්, මේ අපූරු වටිනා කේක් එක කපලා ඌර්වශි සිය 30 වැනි උපන්දිනය සැමරුවේ ලෝකයේම අවධානය තමා වෙත ඇදගනිමින්.

 

මේ රත්තරන් කේක් එකට ලංකාවෙත් නෑකමක් තියෙනවා.

 

මොකද එය නිර්මාණය කළ ඩුබායිහි 'Amazing Cake' ආයතනයේ හිමිකරු ලාංකීය තරුණයෙක්. ඔහු නමින් ප්‍රසන්න කුමාර රාජගුරු.

 

ඉතින්, ලොවක් අවදානය යොමුකළ ඌර්වශිගේ රත්තරන් උපන්දින කේක් එකේ නිර්මාණකරුවා අපේ රටේ දක්ෂයෙක්.

විශේෂම කාරණය මේක ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඔහු කළ පළමු කේක් නිර්මාණය නොවීම.

 

මීට පෙර ද ඔහුගේ ආයතනය ඇය වෙනුවෙන් කේක් එකක් නිර්මාණය කරලා.

 

“උර්වෂී මට මුලින්ම හඳුනගන්න ලැබෙන්නෙ ආර්. බී. ජී. මැණික්දිවෙල නිෂ්පාදනය කළ ඩුබායි සිහින සැබෑ කරන පාරාදීසය වැඩසටහන නිසා.

ඇය මීට කලිනුත් උපන්දින කේක් එකක් අපේ ආයතනයෙන් නිර්මාණය කරගත්තා.

ඒත් ඒක මේ තරම් වයිරල් වුණේ නෑ.

ඒ කන්ටැක් එක නිසා මේ පාර ඇය ඩුබායි එන්න කලින්ම මට කතා කරලා මේ වගේ කේක් එකක් ඕන කියල කිව්වත් ඒක හදන විදිහ ගැන ඇයට අවබෝධයක් තිබුණෙ නෑ.

ඇයට තිබුණේ මේ උපන්දිනය විශේෂ එකක් කරගැනීමේ අරමුණ විතරයි.

ඇයට ඕන කළේ මෙතෙක් කවුරුත්ම නොකළ ෆ්ලවර්ස් සහිත එඩිබල් රියල් ගෝල්ඩ්වලින් චොකලට් කේක් එකක් නිර්මාණය කරන්න.

යන වියදම ගැන ඇයට කිසිම ගැටලුවක් තිබුණෙ නෑ.

නැවත කිසිවකු වෙනුවෙන් මෙවැනි නිර්මාණයක් නොකිරීමේ වගකීම විතරක් ඇය මා මත පැවරුවා.

කේක් එක සම්පූර්ණයෙන්ම ඩිසයින් කළේ මං.

ආර්ට් වර්ක් එක ඇයට යවල ඇගේ අනුමැතිය ඇතිව තමයි මේක කළේ.

ලේයර්ස් තුනකින් සමන්විත කේක් එකේ පිටත සම්පූර්ණයෙන්ම එඩිබල් රියල් ගෝල්ඩ් ආලේපිතයි.

ඇතුළත චොකලට් මිශ්‍රණයටත් එඩිබල් රියල් ගෝල්ඩ් මිශ්‍ර කිරීමේ අවශ්‍යතාව ඇයට තිබුණා.

ඇගේ අදහසට අනුව ඇමේසින් කේක් ආයතනය ඇය වෙනුවෙන් මේ නිර්මාණය කළා.

කේක් එක දකින හැමෝම ඇමේසින් කියද්දි මගේ ආයතනයේ නමට නිකන්ම වාව් එක ලැබෙනවා.“

 

 

අන්න එහෙමයි කේක් එකට ලැබුණු ප්‍රතිචාරවල තරමටම ලංකාවේ නමත් ලෝකයට ගියේ.

“උර්වෂීගෙ අලුත්ම ගීතය රිලීස් වුණෙත් ඇගේ උපන්දිනය දවසෙමයි.

ඒ ලොකේෂන් එකේම ජනප්‍රිය ගායක යෝ යෝ සිං එක්ක එකතුවෙලා කේක් එක කපන ජායාරූප ස්ටෝරි එකක් විදිහට ඉන්ස්ටග්‍රෑම් එකට අප්ලෝඩ් කරද්දි උර්වෂී ඇමේසින් කේක් ආයතනය ගැනත් සඳහන් කරල තිබුණා.

ඒක ඉන්දියාවෙ හැම චැනල් එකකම ප්‍රචාරය වුණා.

හැම පුවත්පතකම පළ වෙලා තිබුණා. ඉන්දියාවෙ රේඩියෝ චැනල් කිහිපයකින්ම මාව ඉන්ටර්වීව් කළා.

ඉන්දියාවෙ මේ වගේ නිර්මාණයක් කළ පළමු අවස්ථාව මේක. ඒකයි විශේෂත්වය.

ඒක වයිරල් වෙද්දි ඩුබායිවල ඉන්න ප්‍රසිද්ධම යූටියුබර්ගෙ උපන්දින කේක් ඕඩරයත් ඇමේසින් කේක් ආයතනයට ලැබුණා.

ඔහු වෙනුවෙන් අපි නිර්මාණය කළේ Mercedes–AMG G 63 වර්ගයේ මෝටර් රථයක් “

 

 

ලෝක ප්‍රසිද්ධ චරිතවලට රසට වගේම හැඩට කේක් හදන ප්‍රසන්න, උත්සාහය මත සාර්ථක ගමනක් ගිය ආදර්ශමත් තරුණයෙක්.

“මාතලේ ඉපදුණු මං මේ තැනට එන්න ලොකු කැපකිරීමක් කළා.

මාතලේ විජයපාල විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ ඉඳන්ම මට තිබුණෙ සංගීත පිස්සුව.

ඒ නිසාම මං නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමටත් සම්බන්ධ වුණා.

මට සංගීත භාණ්ඩ ගණනාවක් වාදනය කිරීමේ හැකියාව තියෙනවා.

මං වාදනය කළේ සැක්සෆෝන් එක. ඒ හීන ඔක්කොම අතහැරල මං ඩුබායි ආවෙ අයිස්ක්‍රීම් කම්පැණි එකක සේල්ස් එක්සෙකටිව් කෙනෙක් විදිහට.

ඊට පස්සෙ Starbucks කොෆි කම්පැණි එකට සම්බන්ධ වුණා සුපවයිසර් කෙනෙක් විදිහට.

අවුරුදු 4ක් ඇතුළත මං ඒකෙ ජෙනරල් මැනේජර් බවට පත්වුණේ මහන්සියෙන් අවංකවම වැඩ කළ නිසා.

ඒ අතරේ මට මැනේජර් කෙනෙක් විදිහට ප්‍රෙන්ච් කේක් කම්පැණි එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

සාමාන්‍යයෙන් මෙහේ තනතුරක් දරද්දි ඒ සම්බන්ධ සියලු දේ දැනගත යුතුයි.

එතැනදි තමයි මං කේක් ගැන සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තෙ.

ඊට පස්සෙ මගේම කියල දෙයක් පටන්ගන්න ඕන කියන සිතුවිල්ල ආවා.

ඒ සඳහා මට ආයතනයේ සම්පූර්ණ සහයෝගය ලැබුණා.

අද ඕනම කෙනෙක් කාලා ඇමේසින් කියන්න අමතක නොකරන මගේ ඇමේසින් කේක් කම්පැණි එක පටන් ගත්තෙ එහෙමයි.

ඇමේසින් කියන නමට සාධාරණය ඉටු කළා කියන සතුට අද මා ළඟ තියෙනවා.''

මං තනියම පටන් ගත්ත ආයතනය ඉතාම කෙටි කාලෙකදි හතර දෙනෙකුගෙන් සමන්විත වුණා. මේ වෙද්දි එය 18 දක්වා වැඩි වෙලා.

කාර්ය මණ්ඩලය තමයි හැමදාම මගේ පළමු තැන. මමත් බිංදුවේ ඉඳන් ආපු කෙනෙක්.

මං වැඩකළ ආයතනවලින් මට හොඳට සලකපු නිසා තමයි මගෙන් හොඳ සේවයක් ඔවුන්ට ලබාගන්න පුළුවන් වුණේ.

ඒ වගේම තමයි කස්ටර්මර්ස්ල ගැන තියෙන වගකීමත්.

මගේ අධීක්ෂණයෙන් තොරව කිසිම ඕඩරයක් ආයතනයෙන් පිටට යන්නෙ නැහැ.

කාර්ය මණ්ඩලය මට සීයයට සීයක් විශ්වාසයි. ඒත් අතපසුවීමකින්වත් වරදක් නොවීමයි මගේ අරමුණ.

මගේ මුල්ම කස්ටර්මර් අදටත් මා ළඟ ඉන්න හේතුව ඒකයි.

මගේ දියුණුවේ රහස තියෙන්නෙ එතන. මේ වෙද්දි ඩුබායිවල තවත් අවුට්ලට් දෙකක් විවෘත කරන්න සූදානම්.

ඉදිරියේදී අනෙක් රටවලට ව්‍යාප්ත කිරීමේ හැකියාව ලැබේවි.

ලෝකෙ කොහේ හිටියත් හදවත තියෙන්නෙ ලංකාවෙ.“

(උපුටාගැනීම් : රසඳුන)

views

3353 Views

Comments

arrow-up