විදේශ රැකියාවට ගොස් රෝගී වී සිටින බිරිඳව ගෙන්වා ගන්න වකුගඩුව විකුණන්න යන සැමියා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

විදේශ රැකියාවට ගොස් රෝගී වී සිටින බිරිඳව ගෙන්වා ගන්න වකුගඩුව විකුණන්න යන සැමියා

විදේශ රැකියාවට ගොස් රෝගී වී සිටින බිරිඳව ගෙන්වා ගන්න වකුගඩුව විකුණන්න යන සැමියා

කුවේට් ගෘහ සේවයට ගොස් සිටිදි හදිසි අනතුරකට ලක්ව රෝගී වී සිටින තම බිරිඳ ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටින රුපියල් ලක්‍ෂ හය හමාරක මුදල සොයා ගැනීමට නොහැකිවූ සැමියකු තම වකුගඩුවක් ලක්ෂ 15 කට විකුණා බිරිඳ ගෙන්නා ගැනීමට වෙර දරන පුද්ගලයකු මනම්පිටියෙන් අපට හමුවිය.

 

තම වකුකඩුව රුපියල් ලක්ෂ පහළොවකට ලබාදි  බිරිඳ වන එච්.එච්. සෙව්වන්දි මහේෂිකා ජයවීර මහත්මිය ගෙන්වා ගැනීමට මෙලෙස වකුගඩුව ලබාදීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකර සිටින්නේ මනම්පිටිය මහවැව කොළකනාවාඩිය ලිපිනයේ පදිංචි 28 වියති ඒ.එම්. ඉෂාර සරච්චන්ද්‍ර යන තිදරු පියෙකි.

 

2023 දෙසැම්බර් 20 වෙනිදා කුවේට් රටේ ගෘහ සේවයට කුරුණෑගල ඒජන්සියක් මගින් පිටව ගොස් ඇති අතර ඇය හදිසියේ එරටේ නිවසේ සේවය කරමින් සිටියදී ඇද වැටීම හේතුවෙන් මේ වනවිට වැඩකර ගැනීමට නොහැකි මට්ටමට ශරීරය දුබල වී ඇති බවද ඉෂාර සරත්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

 

ඒ සම්බන්ධයෙන් කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් යොමු කර ඇති බවත්, ගෙන්වා ගැනීමට නම් රුපියල් ලක්ෂ හය හමාරක මුදලක් අවශ්‍ය බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළ බව ඉෂාර සරච්චන්ද්‍ර මහතා පැවසීය.

 

විදේශගතව සිටින සෙව්වන්දි මහේෂිකා ජයවීරට අවුරුදු 11 දැරියක, සහ අවුරුදු 9 සහ අවුරුදු 3 ක පිරිමි ළමුන් දෙදෙනකු සිටින අතර එම දරුවන් මේ වනවිට මහේෂිකා ජයවිරගේ මව වන 49 වියති එම්.එච්. ධම්මිකා විජේසිංහ මහත්මියගේ තුරුලේ හැඩි හැදී වැඩෙන්නේය. 

 

මෙම සම්බන්ධයෙන් විදේශවා නියුක්ති කාර්යාංශයේ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු එච්.එම්. සුනිල් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි මෙසේ සඳහන් කළේය.

සෙව්වන්දිගේ ස්වාමියා වන ඉෂාර පැමිණිලි කර ඇත්තේ බිරිඳ සේවය කරන ස්ථානය මාරු කර දෙන ලෙසයි, ඒ අනුව බිරිඳ විට වෙනත් නිවසකට මාරු කළා, ඇය රෝගී වී ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීමට අවශ්‍ය කටයුතු කරනවා.

views

254 Views

Comments

arrow-up