මැදපෙරදිග කතුන් 50ක් ඇන්දූ මළපොතේ අකුරක් නොදත් ගොපල්ලා

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු සහ යුද හමුදාවේ නිලධාරියකු ලෙස මුහුණු පොතේ වරින්වර පෙනී සිටිමින් මැද පෙරදිග රටවල ගෘහ සේවයේ නිරතව සිටින කාන්තාවන් පනස් දෙනකු සමග ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යමින් එම කතුන් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළේ යැයි කියන පුද්ගලයෙක් ගල්ගමුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අඹන්පොළදී පෙරේදා (17) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු අඹන්පොළ, බුල්නෑව ප්‍රදේශයේ පදිංචි ගොවිතැන් කටයුතුවල සහ කුලියට ගවයන් බලා ගැනීමේ නිරතව සිටින 30 හැවිරිදි එක් දරු පියෙකි.මොහුගේ බිරිඳ ද මැදපෙරදිග රටක ගෘහ සේවයේ නිරතව සිටින්නීය.
මෙම සැකකරු කිසිම දිනක පාසල් ගොස් නොමැති කියවීමට අකුරු ලිවීමට කිසිදු හැකියාවක් නොමැති අයකු බවද පොලිසිය පවසයි.
එසේ වුවත් මොහුට ජංගම දුරකතන ආශ්‍රිතව කටයුතු සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අයකු යැයි පොලිසියේ නිලධාරියෙක් කීය. යුද හමුදා නිල ඇඳුමකින් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමකින් සැරසී සිටින නිලධාරීන්ගේ මුහුණුවලට පුද්ගලයාගේ මුහුණු බද්ධ කර එම ඡායාරූප මුහුණු පොතේ පළකර ගෘහ සේවයේ නිරතව සිටින ශ්‍රී ලාංකික කතුන් සමග සම්බන්ධතා ගොඩනගාගෙන ඇතැමුන් මෙරටට පැමිණි පසු විවාහ කර ගන්නා බවටද පොරොන්දු වී රවටා වරින් වර රුපියල් ලක්ෂ ගණනින් මුදල් බැංකු ගිණුම් දෙකකට ගෙන්වාගෙන ඇතැයි පරීක්ෂණ වලින් තොරතුරු හෙළි වී ඇත.
එම කාන්තාවන් එවූ මුදල්වලින් නිවෙසක් තැනූ බව සැකකරු පවසා ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී දුරකතන තුනක්ද පොලිස් බාරයට ගෙන ඇත.
279 Views
Comments