ඉහළ අහසට යන්න ගිය ගුවන් යානයේ ගිලිහී වැටුණු ටයරයෙන් සිදුවූ දේ මෙන්න...
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

ඉහළ අහසට යන්න ගිය ගුවන් යානයේ ගිලිහී වැටුණු ටයරයෙන් සිදුවූ දේ මෙන්න...

ඉහළ අහසට යන්න ගිය ගුවන් යානයේ ගිලිහී වැටුණු ටයරයෙන් සිදුවූ දේ මෙන්න...

ඉහල අහසේ පියාසර කරන ගුවන් යානයක ටයරයක් ගැලවිලා වැටුණොත්, ඒ ගැන ඔබට මොනවා නම්
හිතේවිද..?

 

මේ කියන්න යන්නේ අදහාගන්න බැරි වුණත් අන්න ඒ වගේ කතාවක්.. 

 

මේ පුවත වාර්තා වෙන්නේ අමෙරිකාවෙන්.. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට ජපානයේ ටෝකියෝ
නුවර බලා පිටත්ව ගිය බෝයිං-777 වර්ගයේ ගුවන් යානයක ටයරයක් හදිස්සියේ ගැලවී ගොස් බිමට කඩා
වැටී තිබෙනවා..

 

ඉන් එක් මෝටර් රථයකට බරපතළ හානි සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසන්නේ.. මෙලෙස ටයරය
ගැලවී ගොස් තිබෙන්නේ යානය ගුවන්ගත වී සුළු මොහොතකට පසුවයි..

 

එය සිදුවූ වහාම යානය ඉතා ඉක්මණින් යළි ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත
ගොඩබස්සවා තිබුණා..

 

මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර ටයරය කඩා වැටී තිබෙන්නේ ගුවන් තොටුපොළ
කාර්ය මණ්ඩලයේ රථ ගාලකට බවයි ඔවුන් පවසන්නේ..

views

364 Views

Comments

arrow-up