දිවි පරදුවට තබා ජීවිත බේරාගන්න උදව් වූ ලෝකයක් කතාවෙන පුංචි වීරයා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

දිවි පරදුවට තබා ජීවිත බේරාගන්න උදව් වූ ලෝකයක් කතාවෙන පුංචි වීරයා

දිවි පරදුවට තබා ජීවිත බේරාගන්න උදව් වූ ලෝකයක් කතාවෙන පුංචි වීරයා

රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී රඟහලේ රැඳී සිටි 100කට අධික පිරිසකට ඉන් පිටතට රැගෙන යාමට සහාය දී ඔවුන්ගේ ජීවිත බේරාගත් 15 හැවිරිදි පාසල් සිසුවෙක් සම්බන්ධයෙන් රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඉස්ලාම් ඛලිලොව් නම් මෙම පාසල් සිසුවා ප්‍රහාරය එල්ලවූ රඟහලේ අර්ධකාලීන රැකියාවක නිරතව සිටින අතරතුර මෙම සිද්ධියට මුහුණ පා තිබුණි.

 

ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාර මැද කලබලයට පත්ව දිව ආ ජනතාවට ශාලාවෙන් පිටතට යාමට මෙම පාසල් සිසුවා මඟ පෙන්වීම ප්‍රශංසාවට ලක්වී තිබේ.

 

මේ අතර මොස්කව් ප්‍රහාරය සම්බන්ධව අමෙරිකානු ඔත්තු සේවා මීට දෙසතියකට පමණ පෙර රුසියාව වෙත තොරතුරු ලබාදුන් බවට පළවන වාර්තා අමෙරිකාවේ රුසියානු තානාපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

 

මේ අතර ප්‍රහාරය කාලයක් පුරා සැලසුම් කර ඇති බවත්, ප්‍රහාරකයන් යුක්‍රේනය දෙසට පලායමින් සිට ඇති බවත් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ පිහිටි ක්‍රොකස් නගර ශාලාවේ පැවැති සංගීත ප්‍රසංගයක් ඉලක්ක කර ඊයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 133 දෙනෙකුට දිවි අහිමිවිය.

 

150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර මරණ ගණන තවත් ඉහළ යා හැකි බව පැවසෙයි.

 

දශක දෙකකට පසු රුසියාවෙන් වාර්තාවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය හෙවත් IS සංවිධානය භාරගෙන තිබුණි.

views

300 Views

Comments

arrow-up