2020දී කිළිනොච්චියේ ගණිත විෂයෙන් කප් ගැසූ සරසවි සිසුවා ගෙල වැළලාගෙන අවසන් ගමන් යයි

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සිසුවෙකු සිය ගම්මානය වූ කිළිනොච්චිය විවේකානන්ද නගර් ප්‍රදේශයේදී ගෙල වැලලාගෙන 19 දා මියගොස් ඇත.
චන්ද්‍රමෝහන් තේනුජන් නමැති 22 හැවිරිදි මෙම සිසුවා 2020 වසරේදී කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ඉහළම ලකුණු ලබා ගෙන ප්‍රථම ස්ථානයට පත් වී මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අයෙකි.
ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම රජයේ පාසල් ගුරුවරුන් වන අතර ඔහු විශාදය සඳහා වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගෙන සිටි අයෙකු බවට තොරතුරු හෙළි වී තිබේ.
ඔහු ගෙල වැලලාගෙන මියයෑමට හේතුව මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත් කිළිනොච්චිය පොලිසිය විසින් මියගිය සිසුවාගේ මෘත දේහය පරීක්ෂණ කටයුතු සඳහා කිළිනොච්චිය දිස්ත්‍රික් රෝහල වෙත බාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
425 Views
Comments