අනියම් පෙම හසුවී දෙමව්පියන් දරු දෙදෙනාට කල අපරාධය - ඔවුනුත් එයම කරගෙන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

අනියම් පෙම හසුවී දෙමව්පියන් දරු දෙදෙනාට කල අපරාධය - ඔවුනුත් එයම කරගෙන

අනියම් පෙම හසුවී දෙමව්පියන් දරු දෙදෙනාට කල අපරාධය - ඔවුනුත් එයම කරගෙන

පවුල් ආරවුලක් හේතුවෙන් රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයේ මව සහ පියා විසින් සිය දරුවන් දෙදෙනාට වස පොවා ඔවුන් දෙදෙනාද වස පානයකර කිරීම නිසා මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතිබව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

පියාගේ අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් පවුල් ආරවුල හටගෙන ඇති බවත් එහිදී මව විසින් එක් දරුවකුටත් පියා විසින් තවත් දරුවකුටත් වස පොවා මව පියා දෙදෙනා ද වස පානය කර ඇති බවට අනාවරණය කරගෙන ඇති බව පොලිසිය පැවසීය.

 

වස පානය කිරීමෙන් රෝහල්ගත කර ඇත්තේ රඹුක්කන කෙම්පිටිකන්ද ප්‍රදේශයේ පදිංචි සිවුදෙනකු බව සඳහන් වේ.

 

වස පානය කළ සිවුදෙනා අසල්වාසීන්ගේ සහාය ඇතුව රෝහල්ගත කර ඇති බවත් ඔවුන් සිවුදෙනාගේ තත්ත්වය ඒතරම් බරපතළ නොවන බවත් මේ වනවිට ඔවුන් මාවනැල්ල මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් පසුවන බවද පොලිසිය පැවසීය.

views

967 Views

Comments

arrow-up