දෙවියන්ට පූජා කළ අඹය වෙන්දේසියේදී හිතාගන්නවත් බැරි මිලකට අලෙවි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

දෙවියන්ට පූජා කළ අඹය වෙන්දේසියේදී හිතාගන්නවත් බැරි මිලකට අලෙවි වෙයි

දෙවියන්ට පූජා කළ අඹය වෙන්දේසියේදී හිතාගන්නවත් බැරි මිලකට අලෙවි වෙයි

වවුනියාව තවසිකුලම් ශ්‍රී විනයාගර් කෝවිලේ පැවති විශේෂ පූජාවකින් පසුව දෙවියන් වහන්සේ උදෙසා පූජා කළ අඹ ගෙඩියක් වෙන්දේසියේදී රුපියල් 95000 ක මුදලකට 13 දා අලෙවි වී තිබේ.

 

මෙම කෝවිලේ විශේෂ දිනවල පැවැත්වෙන දේව පූජාවෙන් පසුව පූජා වට්ටියට තබන ලද පලතුරු ඇතුළු බොහෝ දේ වෙන්දේසියේ විකුණනු ලබන අතර අඹ ගෙඩියක් වැඩිම මිලකට අලෙවි වූ පළමු අවස්ථාව මෙය වෙයි.

 

මෙසේ වෙන්දේසියේදී මිලට ගන්නා පලතුරු ඇතුළු දේ පරිභෝජනය නොකරන අතර ඔවුහු ඒවා සුදු රෙදි කඩක ගැට ගසා නිවසේ එල්ලා නිවසට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙති.

 

අඹ ගෙඩිය මිලට ගෙන ඇත්තේ ලන්ඩනයේ සිට නිවාඩුවකට වවුනියාවට පැමිණ සිටින කෝවිල අසල නිවසක පදිංචිකරුවකු විසිනි.

views

317 Views

Comments

arrow-up