“ඔබ හිතන්නෙ මම තනිකඩයි කියලද?” - විජේ දේවාරකොණ්ඩා තම ආදර කතාව ප්‍රසිද්ධ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

“ඔබ හිතන්නෙ මම තනිකඩයි කියලද?” - විජේ දේවාරකොණ්ඩා තම ආදර කතාව ප්‍රසිද්ධ කරයි

“ඔබ හිතන්නෙ මම තනිකඩයි කියලද?” - විජේ දේවාරකොණ්ඩා තම ආදර කතාව ප්‍රසිද්ධ කරයි

විජේ දේවාරකොණ්ඩා සිය ආදර කතාව ප්‍රසිද්ධ කරලා. හැබැයි ඒ කවුරුත් එක්කද කියලා නම් නෙවෙයි.

 

මෑතකදි කළ කතාබහක් අතරතුර විජේ ආදරය, සබඳතා සහ විවාහය ගැන අදහස් බෙදාගෙන තිබුණා.

 

ඔහු එහි තැනකදී කියනවා තමන් සම්බන්ධතාවයක සිටින බව.

 

"මට වයස අවුරුදු 35 යි. ඔබ හිතන්නෙ මම තනිකඩයි කියලද ?''

 

ඒත් එක්කම තමන් මීට ඉහත සම නිළියක සමඟ පෙම් සබඳතාවයක් පැවැත්වූ බවත් ඔහු පිළි අරන්.

 

කතාබහ අතරතුර ඔහු තවත් විශේෂ දෙයක් කියලා තිබුණා.

 

ඒ, තමන් එකපාරටම ප්‍රේම සබඳතා ආරම්භ නොකරන බවත් යාළුකමක් ගොඩනගාගත්තට පස්සේ ප්‍රේමයක් ගැන හිතන බවත්.

 

විජේ දේවාරකොණ්ඩා සහ රශ්මිකා මන්දනා ආදර කතාව ලෝකෙම දන්නා ප්‍රසිද්ධ රහසක් විදියටනෙ පැවතුණේ.

 

ඇතැම් තැන්වල එහෙම සම්බන්ධයක් නැති බව අඟවන්න දෙන්නා උත්සාහ අරන් තිබුණත්, පැපරාසී කැමරා කාච ඔවුන්ට වඩා ඉස්සර වෙලා තිබුණා.

 

ඒ නිසාම දෙන්නත් එක්ක අවන්හල්වල එහෙම ගැවසුණු සේයා රූ අන්තර්ජාලයට අලුත් දෙයක් වුණේ නෑ.

 

ඒත් එක්කම විජේ - රශ්මිකා ගැන නිතර අහන්න ලැබුණු සුපුරුදු ආරංචියක් තමයි ''දෙන්නා විවාහ වෙන්න යනවා'' කියන කතාව.

 

විටින් විට ඒකට දෙන්නම උත්තර බැඳලත් තිබුණා.

 

විවාහය ගැන කතාව කොහොම වුණත්, විජේ - රශ්මිකා ආදර කතාව ගැන පැතිරෙන කතා නම් තාමත් එහෙමමයි.

 

එවන් කතාබහක් පවතින අතරතුරයි, විජේ දේවාරකොණ්ඩා මෑතකදී තමන් පෙම්වතෙක් විත්තිය ප්‍රසිද්ධ කරලා තිබුණෙ.

views

175 Views

Comments

arrow-up