දින පහේ බිලිඳිය හොඳම මිතුරිය අතට දී හෙමීට මාරුවූ අඹ යෙහෙළිය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

දින පහේ බිලිඳිය හොඳම මිතුරිය අතට දී හෙමීට මාරුවූ අඹ යෙහෙළිය

දින පහේ බිලිඳිය හොඳම මිතුරිය අතට දී හෙමීට මාරුවූ අඹ යෙහෙළිය

දින 5ක් වයසැති බිළිඳිය, ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ දී හොදම යෙහෙළිය රවටා ඇයට බාර දී පලාගිය මවක අත්අඩංගුවට ගැනීමට ගලේවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ පවත්වාගෙන යයි. 

 

හෝටල් කාමරය තුළ දී බිලිඳියට පෙරේදා (5) උදේ නවයට පමණ මවුකිරි දී හදිසි ගමනක් ගොස් එන තෙක් දරුවා හොඳින් බලා ගැනීමට යැයි කියා යෙහෙළිය පිටත්ව ගිය බවත් සවස් වන තෙක් නොපැමිණි බවත් කියමින් විසිතුන් හැවිරිදි තරුණියක සිඟිති දරුවා වඩාගෙන ගලේවෙල පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළාය.

 

පුත්තලම මූලික රෝහලේ දී තම යෙහෙළිය දරුවකු ප්‍රසූත කළ බවත් ඇය ද, ඇය ප්‍රසූත කළ දරුවා ද කැටුව ඉකුත් 4 වැනිදා ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණ කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන සිටි බවත් බිලිඳිය රැගෙන පොලීසියට පැමිණි විසිතුන් හැවිරිදි තරුණිය පවසන්නේ යැයි පොලීසිය කියයි. බිලිඳිය හොඳම යෙහෙළිය රවටා ඇයට භාර දී පලා ගිය කාන්තාව වැලිමඩ, මොරගොල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තියකි.

 

පොලිසිය භාරයට ගත් දින 5ක් වයසැති බිලිඳිය දඹුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන ලදැයි එම උසස් පොලිස් නිලධාරියා කීය. බිලිඳිය රැගෙන පොලීසියට පැමිණි විසිතුන් හැවිරිදි තරුණිය ද ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

views

434 Views

Comments

arrow-up