දරුවා මියගිය බව පිළිනොගෙන මෘත දේහය අරන් රෝහලෙන් ගිය පියා සොයාගනී - මළසිරුරට කර ඇතිදේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

දරුවා මියගිය බව පිළිනොගෙන මෘත දේහය අරන් රෝහලෙන් ගිය පියා සොයාගනී - මළසිරුරට කර ඇතිදේ මෙන්න

දරුවා මියගිය බව පිළිනොගෙන මෘත දේහය අරන් රෝහලෙන් ගිය පියා සොයාගනී - මළසිරුරට කර ඇතිදේ මෙන්න

දරුවා මිය ගිය බව නොපිළිගෙන නුවරඑළිය රෝහලෙන් දරුවාගේ මෘත ශරීරය රැගෙන ගිය පියා සොයා නුවරඑළිය පොලිසිය කළ මෙහෙයුමෙන් එම පියා සොයාගැනීමට හැකිවූ බවත් , මිය ගිය දරුවාගේ අවසන් කටයුතු සිදුකර ඇති බවත් නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

 

පසුගිය 27 වැනිදා පස්වරුවේ නුවරඑළියේ සංචාරයකට පැමිණි සිටි අවස්ථාවක දී මෙම දරුවා අසනීප තත්ත්වයක් හේතුවෙන් සිහිය නැති වී නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට රැගෙන ආ අවස්ථාවේ දරුවාගේ ඇතුළු කර ගැනීම සටහන් කර ගැනීමට පෙර හදිසි අවශ්‍යතාවයක් බැවින් වෛද්‍යවරුන් විසින් මෙම දරුවා පරීක්ෂා කිරීමට කටයුතු කර තිබුණි.

 

එහිදී දරුවා මිය ගිය බව දරුවා රැගෙන ආ පියාට වෛද්‍යවරුන් සඳහන් කර සිටිය දී දරුවාගේ පියා එය නොපිළිගෙන නැවත තමන් පැමිණි වාහනයෙන්ම සිය දරුවා රැගෙන යෑමට කටයුතු කර තිබුණේ “මීට කලිනුත් මෙහෙම වෙලා තියෙනවා. එයාට හිටි හැටියේ එහෙම වෙලා ආයෙ හුස්ම එනවා. මම පෞද්ගලික රෝහලකට ගිහින් මගේ දරුවා බේරගන්නම්” යනුවෙන් පවසමිනි.

 

අදාළ සිද්ධිය සම්බන්ධව සැක සහිත බැවින් දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරුන් නුවරඑළිය පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව නුවරඑළිය මහ රෝහලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර දරුවා රැගෙන රෝහලට පැමිණි බස් රථයේ අංකය හරහා කරුණු සොයා බලා සිද්ධියට හා සම්බන්ධ දරුවාගේ පියා හා පවුලේ සාමාජිකයන් නුවරඑළිය පොලිසියට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණේ ඔවුන් පදිංචි බේරුවල පොලිසියේ සහයෝගය ඇතිවය.

 

නුවරඑළිය පොලිසියට පැමිණි මියගිය දරුවාගේ පියා ඇතුළු පවුලේ අය දරුවාගේ මරණ සහතිකය සහ දරුවාගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ දරුවා මීට කලින් මෙවන් අවස්ථා කිහිපයකට මුහුණ දුන් බවය. මෙහිදී දරුවාට නැවත හුස්ම පැමිණි බැවින් මේ පාරත් එවන් වූ දෙයක් සිදුව ඇතැයි සිතා තමන්ගේ දරුවාට මුල සිට ප්‍රතිකාර ලබාගන්නා පෞද්ගලික රෝහලට ම ගෙනයෑමට කටයුතු කළ බව ද ප්‍රකාශ කර ඇත.

 

එලෙස එම රෝහලට ගෙනයන විට එහි වෛද්‍යවරුන් ද සනාථ කර තිබෙන්නේ දරුවා මියගිය ඇති බවය.

 

ඉන් අනතුරුව දරුවාගේ මෘත දේහය නිසි අන්දමින් රෝහලින් බැහැර කර අවසන් කටයුතු ද නිසි ලෙස සිදු කර ඇති බව අනාවරණය වූ බව නුවරඑළිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

 

නුවරඑළිය රෝහලට දරුවා රැගෙන ගිය ද ඇතුළත් කර ගැනීමේ ලේඛනයට තොරතුරු කිසිවක් සඳහන් නොකළ වාතාවරණයක දී දරුවාගේ මෘත ශරීරය රැගෙන ගිය පියාට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බව ද මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

views

550 Views

Comments

arrow-up